Friday, November 30, 2012

‛රත්මලානේ දේවාලය’ ගැන ස්ලෙවොයි ජිජැක්ගේ අදහස


 
2004 වර්ෂයේ දෙසැම්බර් පිහිටුමට පසු X කණ්ඩායමේ විමතිකයන් විසින් ඇති කරන ලද දේශපාලන අපගමනයේ ප්‍රතිඵල තවමත් අවසාන ආකෘතියකින් තොරව හොල්මන් කරයි. එයට අවසන් ප්‍රහාරයක් අප විසින් එල්ල කරීමට නියමිතව ඇත්තේ රජතුමාගේ දේශපාලනය කවදා හෝ ලංකාවේ ඉවර වූ පසුය. ඒ දක්වා දේශපාලනය කල ජඩයන්ට පැවැත්මක් ඇති අතර අපි ඔබට කියන්නේ ගඳ නම් නහය මිරිකා ගන්න කියාය. මේ සඳහා තවත් විකල්පයක් වන්නේ දේවල් වඩා නිවරදිව න්‍යායගත කිරීමයි. සමහරුන්ට 21 වැනි සියවසේ දෙවැනි දශකය තුළත් දීප්ති කොනෙකු නිර්මාණය කිරීමට අවශ්‍යය. එය කළ නොහැකිය. නිර්මාල් රංජිත් වැනි කම්බ තක්කඩීන් තවත්  දීප්ති කොනකු නිර්මාණය කරන්නට යන්නේ තමන්ගේ කැත වැඩ කළ ඉතිහාසය මකා දමන්නටය. එවැනි නරුමයන්ව නින්දෙන් ඇහැරවීමට යුනිකෝන් වැනි සරත් මධූගේ වීරයෙකු දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍යය.
අප දේශපාලනය කරන්නේ අදහස් සමගය. සදාචාරාත්මකව දේශපාලනය කල යුතු අය රත්මලානේ දේවාලයට යන්න.

මීට මාස කිහිපයකට පෙර මධ්‍යස්ථානයබොලොග් අඩවියේ පළවූු එමෙන්ම ෆේස්බුක් හරහාද බෙදාහැරි මෙම සටහන සහිත ලිපිය එම කතෘවරුන් විසින් තමා සදාචාරාත්මක ව තමාව පිහිටුවා ගන්නේ කොතැනද යන්න න්‍යාය ගත කළ ප්‍රකාශයක් වුවද පසුව එළඹුණු තීරණාත්මක මැදිහත් වීමේ කාලසීමාව තුළ එම වාක්‍යයද ඇතුළත් වුණු තම පෞද්ගලික ජීවිතය සම්බන්ද කාරණා වල ආතතියට තමාම බිය වූ නිසා දෝ එය දැන් ඉවත් කර ඇති බව පෙනේ. දීප්තිගේ දේශපාලනයෙන් තමන් සංස්කෘතිකව ඛණ්ඩනය වන්නේ කෙසේද යන්න න්‍යාය ගත කිරීම සඳහා මධ්‍යස්ථානයකතෘවරුන් ඉහත කියමන හරහා උත්සාහ ගත් බව ඒ මොහොතේ එය කියවන විට හැඟී ගියේය. සදාචාරාත්මක වීම (එක්තරා ශූද්ධවාදීත්වයක් ද මින් අදහස් කරයි) නම් තත්වයෙන් ඛණ්ඩනය වෙමින් මිනිසුන්ගේ ආචාරධාර්මික චර්‍යාමය අන්තර්ගතය පසෙකලා ඔවුන්ගේ අදහස් සමඟ පමණක් දේශපාලනය කිරීමසම්බන්ධයෙන් පමණක් අපට අවශ්‍ය ආකාරයකට කපා කොටා සකස් කර ගත හැකි දේශපාලන න්‍යයක් මත පදනම්ව ඔවුන් සිටින ස්ථානය අපට අනුමාන කර ගැනීමට ඔවුන් විසින්ම දුන් මේ අර්ථකථනය විමසා බැලීම මෙහිදී සිදුකෙරේ.

පුද්ගල අධි අහම (superego) පදනම් වන්නේ ඡීවිතයට වඩාවැඩි (more than life) යමක් හා අනන්‍ය වීම තූලින් යමෙක් සදාචාරය හා දක්වන ගුප්ත සම්බන්ධය හරහාය. (බලන්න ජිජැක් ගේ metastases of enjoyment කෘතියේ 66 වන පිටුව) ගැහැණිය සතු නොවන මෙම සුපිරි අහමට (එම පිටුව 69) මිනිසා දක්වන ආචාර ධාර්මික සම්බන්ධය හරහා අපගේ වරදකාරීත්වය පිළබඳ යම් හැගීමක් ඇතිකර ගත හැක. තමාගේ සමාඡය කොතරම් විනාශකාරී අන්තයක් කරා ගමන් කරයිද යන්න ගැන කිසිසේත් ඇන්ටිගනී කරදර නොවුනේ අධි අහමේ ආතතියක් ඇයට නොතිබූ බැවිනි. යමෙක් තමාවම ඉක්මවා යන මෙම දෙය අත්පත් කර ගැනීමේ උත්සාහයකදී (මේ සඳහා ජිජැක්ගේ සම්භාව්‍ය උදාහරණය ලෙනින්ය.) ඇතැම් විට තම සහෝදර අන්‍යයන්ගේ එකෙනෙහිම වූ යහපත (immediate good ) යන ප්‍රයෝජ්‍යතාවය ගැන පවා එතරම් තැකීමක් නොකර කිසියම් නිශ්චිත අරමුණක් හා අනන්‍යවෙමින් එය සාක්ෂාත් කර ගැනීම සඳහා (ඇතැම් විට අන්‍යයන්ගේ ශ්‍රමය සූරා කමින් පවා) වෙහෙස වන්නෙක් ප්‍රයෝජ්‍යතාවාදීන්ගේ ගණන් තැබීමේ ආකල්පයට පටහැණිව මෙම තමාට වඩා වැඩි වූ යමක් අත්පත් කර ගැනීමට උත්සාහ කරන්නෙක් වෙයි. අවසාන විග්‍රයේදී පොදු යහපත සඳහා කේන්ද්‍රගතවී ඇති මෙම ආත්මාර්ථය නම් වූ එවැන්නෙකුගේ ඡීවිතයේ සදාචාරයතුළ අපගේ පටු සැළකිළි මත් වීම් නොතකා හරිනු ලබයි. තමාව ආතැම් විට ගංගාවෙි එහා ඉවුර වෙත ඔසවා ගෙන යනු ලබන්නාටම දෂ්ඨ කරන්නාවූ ගෝනුස්සකුගේ රූපකයක් මේ සඳහා ඕසන් වෙිල්ස් (orson welles ) විසින් ගෙනඑනු ලබයි. එම දෂ්ඨ කිරීම නිසාම තමාද දියේ ගිලී යෑමට නියමිත මුත් තමා විශ්වාස කරන ජීවන සදාචාරය තුල එසේ නොකර සිටීමට

ඔහු අපොහොසත් වෙයි. එවැන්නෙකු ගේ මානසික පෘථූල බව ඇත්තෙන්ම අයිතිවන්නේ ඔහු තුල ඇති නපුර තුලයට. මේ සඳහා අප ග්‍රීමැන්සියන් සෙමියොටික චතුරස්‍රය විමසා බලමු.

 



මුණිවරයා (නැත්නම් සාධුවන්තයා) සදාචාරත්මක මෙන්ම ආචාරධාර්මික ද වෙි. හෙතෙම තම ආශාවන් හා සම්මුතිවාදී නොවෙි (non-compromising). අනෙකා ගේ යහපත ගැන උනන්දුවන බැවින් ඔහු සදාචාරාත්මක ද වෙි. අනාචාරී දුස්ශීලයා සදාචාර නීති කඩයි. තම සතුට ගැන පමණක් සිතයි. වීරයා ආචාරධර්මීය නොවන නමුත් අනෙකාගේ යහපත උදෙසා වෙහෙස වෙයි. (2005 න් පසුව X කණ්ඩායමෙන් කැඩී ගිය පිරිස තමාව අනන්‍යකර ගැනීමට උත්සහ කළේ මෙම ස්ථානය තුළය). මේ කරුණ නිසා වීරයා සෑම විටම සුපිරි අහමට (අධි දහමට) ප්‍රතිවිරුද්ධව සිටගනී. (ඒ නිසා වීරයා සැම විටම සුපිරි අහමට ආශා කරයි.) සදාචාර නීතිය තුල ශික්ෂණය වීම ගැන විශවාස කරන්නා වූ මුණිවරයා ශිෂ්‍යයාගේ යහපත වෙනුවෙන් කරන්නාවූ දඩුවම පරපීඩාවක් ලෙස නොපිළිගනී. මෙම සම්මුතිවාදී නොවන කොන්දේසි විරහිත ආචාර ධාර්මික ක්‍රියාව (ethical act) කාන්ටියානු පූර්වයකි (Kantian prirori). නැතහොත් හිස් ස්වාමි හැගවුමකින් පාලනය වන්නාවූ දෙයකි.

යමෙක් මුණිවරයෙක් සමීපයට යන්නේ විශ්වාසයකිනි. එසේ විශ්වාස කිරීමට තරම් සංකේතීය බරක් එවැන්නෙකු තම ශරීරය හරහා පවත්වා ගත යුතු වේ. ආතතියක් ඡනනය වුවා වුවද අප නැවත නැවත කිරීමට පොළොඔවන්නාවූ ශාරීරික ප්‍රේරණයන්ගේ තෘප්තිය එවැන්නෙකුට තම සංකේතීයත්වය සඳහා ගෙවීමට සිදුවන මිලයි. ප්‍රාථමික ප්‍රමෝදය නම් තම එදිනෙදා පැවැත්මේ විනෝදය එවන් නායකයකු විසින් ආශාව කැප කිරීම හරහා සංකේතීයව අත්පත් කර ගන්නා බව මධ්‍යස්ථාන කරුවන් වටහා ගත යුතුය. ශුද්ධවාදී ප්‍රශ්නයක් අපට නැතත් තම ශරීර ක්‍රියාවන් හරහා ඔවුන් පෙන්වීමට උත්සාහ කරන රැඩිකල් ලිංගිකත්වය ම අවසාන විග්‍රහයේදී ඔවුන්ට අතපසු වූ නැත්නම් ඔවුන්ට මගහැරී ගිය (escaped ) කොටස බවට පත්වනු ඇත. යම් කිසිවෙක් සල්ලාලයෙක් නම් එවැන්නෙක් තුල ඇතැයි අනුමාන කළ හැකි දෙයදරා සිටින ශරීරයක් ගැන පරිකල්පනය කළ හැකිද? සත්‍ය වශයෙන් නොපවතින මේ දෙය ඇතැයි සිතීමට අපට උපකාර කරන්නේ පෙර රූප සටහනේ දැක්වූ සාධූත්වයයි.

ලැකාන් = පරිකල්පනීය - යථ- සංකේතීයත්වය

කියකිගාඩ් = සෞන්දර්‍යය - සදාචාරය - ආගමික බව

යන සමිීකරණයට අනුව ගත්විට මේ ආකාරයට රත්මලානේ දේවාලය ලැකානියානු යථ සහ කියකිගාඩියානු ආගමිකත්වය අතර ස්ථාපන වේ. පෙරටුගාමි සමාඡවාදීන් ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂයේ නම- පැරණි සටන් පාඨ- පැරණි සාමාජිකයන් ණයට ගැනීම හරහා තම ආචාර ධර්ම විරෝධි පැවැත්ම ඉතා පැහැදිළිව පෙන්වා ඇති අතර මධ්‍යස්ථානකරුවන් වේගයෙන් ඒ දෙසට නැඔුරු වන්නේ තමා විශ්වාස කරන වීරත්වය සඳහා එය හොද තෝතැන්නක් නිසාවෙනි. ඉතින් අවාසනාවකට වීරයා හට මග හැරෙන්නේ කුමක්ද? ඒ තමාට හරියටම ප්‍රතිවිරුද්ධව පිහිටා ඇති සුපිරි අහමයි. නමුත් ඔවුන් ආශා කරන්නේද එයමයි. ඔවුන් අතින් රත්මලානේ පක්ෂ කාර්යාලය දේවාලයක් (ශුද්ධ වූ තැනක්) ලෙස වරනැගෙන්නේ ඒ අයුරිනි. මේ වාක්‍ය ඉහත චතුරස්‍රය හරහා වෙනත් අයුරකින් කියවුව හොත් එයින් මෙවැන්නක්ද ගම්‍ය වේ. අප දුස්ශීලය. අපට සමිපයෙන්ම ඇත්තේ වීරයෙකි. වීරයා යනු අපගේ ආසන්න සිහිනයයි. රත්මලානේ දේවාලයේ ඉන්නා දීප්ති යනු අපට ආසන්න විය නොහැකි හැගවුම්කරණය කරගත නොහැකි- පරිකල්පනය කළ නොහැකි මුණිවර අනන්තයයි’ (infinite stainhood). පෙරටුගාමි සමාජවාදීන්ගේ වෙිදිකා මතින් ඔවුන්ගේ වීරයා නිර්මාණය කර ගැනීමේ ශක්‍යතාවය ඔවුන් උරගා බැලුවද ඔවුන්ගේ අවිඥාණික ආශාව වන දීප්ති නම් සුපිරි අහම නිර්මාණය කිරීමට අපොහොසත් වීමේ සංකේතීය නොහැකියාව (symbolic impossiblity) ලියා තැබූ උදාන වාක්‍යයඉහත දැක්වූ සටහනයි. තවත් ප්‍රශ්නයක් අනාගත අධ්‍යයනයේ යෙදෙන්නන් සඳහා ශේෂව පවතී. එනම් ග්‍රිමැන්සියන් ආකෘතියට අනුව ඔවුන් සත්‍ය වශයෙන් දැන් සිටින්නේ දුස්සීල ස්ථානයේද දුර්ජන ස්ථානයේද යන්න න්‍යාය ගත කර ගැනීමයි. නැතහොත් තමන්ගේ වර්ගවාදී අශ්ශීල දේශපාලන ස්ථානය ගැන අවංක ස්වයං විවෙිචනයක් නැතිව ව්‍යාඡ දේශපාලනයක නිරත වෙමින් (ජිජැක්ට අනුව සත්‍ය වශයෙන් පරිසරය විනාශ කරන්නාට වඩා හරිත සංරක්ෂණය සඳහා තම පාරිභෝගික භාණ්ඩයට ඩොලරයක් වැඩියෙන් ගෙවන්නා භයානකය.) සිටින පෙරටුගාමි සමාජවාදීන් හා දේශපාලන ගැටලුවක් රහිතව කරේ අත දා ගැනීම හරහා ඔවුන් දුස්සීල ස්ථානයෙන් දුර්ජන ස්ථානයට පල්ලම් බසින්නේ කෙසේද යන්න නිරීක්ෂණය කිරීමයි.

හිස්ටෙරිකයා සිහිනෙන් දකින දෙය විපරීතයා විවෘත යතාර්ථයේ ප්‍රායෝගීකරණය කරයි’. (ස්ලෙවොයි ජිජැක් The ticklish subject පිටුව 291)




 

No comments:

Post a Comment