Sunday, October 21, 2012

විසිඑක් වන ශතවර්ෂය වෙනුවෙන් මයිකල් හාර්ඩ්ට් සහ ඇන්ටෝනියෝ නෙග්රිඩ කොම්යුනිස්ට් ප්රaකාශය නැවත ලියුවෝ ද?


 
 
ශතවර්ෂය වෙනුවෙන් මයිකල් හාර්ඩ්ට් සහ ඇන්ටෝනියෝ නෙග්‍රි කොම්යුනිස්ට් ප්‍රකාශය නැවත ලියුවෝ ද?

විසිඑක් වන

(ස්ලේවෝයි ජිජැක්, " Rethinking Marxism,13 වන වෙළුම)

 

ධනවාදය හුදෙක් තවත් එක් ඓතිහාසික යුගයක් නොවේ. එක් අතකින්, කලක් විලාසිතාමය වූ, අද වන විට අර්ධ වශයෙන් අමතකව ගොස් ඇති ෆ්‍රුන්සිස් ෆුකුයුමා නිවැරදිය: ගෝලීය ප්‍රාග්ධනය ඉතිහාසයේ අවසානයයි’. ව්‍යපගමණයක් (deviation) ලෙස ස්ථානීකරණය කළ හැකි විපරිවර්තනයක් (perversion) වශයෙන් මීට පෙර ඉතිහාසයේ දී පරීක්‍ෂණයට භාජනය වූ එක්තරා අතිරික්තයක්, ධනවාදය තුල මුදල් වලින් තව තවත් මුදල් ඉපදිය හැකි සමපේක්‍ෂණ සංචලතාවය තුල වු එක් අතිරික්තයක්ල ධනේශ්වරය තුල සමාජ ජිවිතයේ එකම මුලධර්මය බවට ඔසවා තබනු ලැබ ඇත. එහිදී ධනවාදය නැමති අකෘතියට නොනැසී පැවතිය හැක්කේ එහිම තත්වයන් විටින් විට විප්ලවීකරණය කිරීමෙන් පමණි. එනම් සරලව ගත් කල යම් තත්වයකට නොනැසී පැවතිය හැක්කේ එහිම ප්‍රකර්ෂයක් ලෙස පමණි. එහිදී නිතරම එයට තම සාමාන්‍ය සංරෝධනයන් අභිබවා යාමට සිදුවේ. ගෝලීය ධනවාදය පශ්චාත් කාර්මික, ඩිජිටලීකෘත ආකෘතියක් ලෙස පවතිනුයේ ඇතැම්විට වර්තමානයේ පමණක් විය හැක. එය හෙගලියානු භාෂිතයෙන් නම් සැබෑ විද්‍යාමාන ධනවාදය එහි සංකල්පීය තලයට ලඟාවෙමින් පවතී. මෙය තේරුම් ගැනීමට නම් සමහර විට කෙනෙකු මාක්ස්ගේ පැරණි පරිණාම විරෝධී ආදර්ශ පාඨය නැවත සිහියට නගා ගැනීමට සිදුවනු ඇත. එනම්, වඳුරාගේ ව්‍යුහ විද්‍යාව දැනගැනීමේ සුචිය මිනිසාගේ ව්‍යුහය මගින් සපයනු ලැබීමයි. එයම සරලව කියන්නේ නම්, සමාජ සංස්ථාවේ ආවේනික, සංකල්පීය ආකෘතිය විදහා දැක්වීමට නම්, කෙනෙකුට එහි වඩාත්ම දියුණු අවස්ථාවෙන් ආරම්භ කිරීමට සිදු වේ යන්න ය.

මාක්ස් ධනවාදයේ මුලික ප්‍රතිවිරුද්ධතාව ස්ථානගත කරනුයේ ප්‍රයෝජ්‍ය අගය සහ හුවමාරු අගය අතරමැද විපක්ෂයේ ය. ධනවාදය තුල මෙම විපක්ෂයේ හැකියාවන් සම්පුර්ණයෙන්ම වටහා ගෙන ඇති මාක්ස් ආර්ථික අර්බුදය යන සංකල්පය මෙම අන්තරය තුලින් මතු කර ගනී. එම අර්බුදය ඇති වනුයේ යථාර්තය, මුදල් තව තවත් මුදල් උත්පාදනය කරයි යන මායාකාරී, ස්ව-ජනන මිරිඟුවට හසු වූ විටය. මෙම සමපේක්‍ෂාත්මක වියරුවට අනියත ආකාරයෙන් පැවතිය නොහැක. එයට කවරදාටත් වඩා ශක්තිමත් අර්බුදයක් තුලින් පිපිරීමට සිදු වේ. ඔහුට නම් අර්බුදයේ අත්‍යන්ත මුලය වනුයේ භාවිත අගය සහ හුවමාරු අගය අතර ඇති අන්තරයයි. සැබෑ මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා නොසලකා, තමන්ටම ආවේනික වූ මාර්ගයක, තමන්ටම අවේනික වූ වියරුවකින් ගමන් කිරීම හුවමාරු අගයේ න්‍යායයි. අතථ්‍ය විශ්වය සහ යථාර්තය අතර ආතතිය පැහැදිලි ලෙසම දරා ගත නොහැකි ප්‍රමාණයන්ට ලඟාවන විට, මෙම විස්තරාත්මක ලිපියේ හරය සත්‍යයට වඩා වැඩි යමක් බව පැහැදිලි වනු ඇත. එක් අතකින් අපට අනාගතයන්, බන්ධනයන් සහ තව බොහෝ දේ පිළිබඳව වියරු, පුද්ගල මාත්‍ර සමපේක්ෂණයන් ඇත. ඔවුන්ටම ආවේනික තර්කනයන් පිළිපදිමින් අනෙක් අතට, යථාර්තය පාරිසරික විපත්, දරිද්‍රතාව, සමාජ ජිවිතය බිඳවැටීමත් සමඟ මතුව එන තෙවන ලෝක රෝගාබාධ සහ වියරු ගව ව්‍යාධිය නම් ආවේශයන් අභිබවා යයි.

2 සයිබර් ධනවාදීන්ට වර්තමානයේ සුසමාදර්ශි ධනවාදීන් ලෙස පෙනී සිටීමට හැකියාව ලැබී ඇත්තේ එම නිසාය. සයිබර් අවකාශය ඔහු හඳුන්වන ඝර්ෂණ රහිත ධනවාදයටආකෘතියක් සපයන ආකාරය පිළිබඳ සිහින දැකීමට බිල් ගේට්ස්ට හැකි වී ඇත්තේ ද මේ හේතුවෙනි. අපට මෙහිදී හමුවනුයේ යථාර්තය සහ අතථ්‍ය අතර ඇති අන්තරයේ අනුවාදයන් ද්විත්වය අතර මතවාදීමය කෙටි පරිපථයකි. එනම්, සැබෑ නිෂ්පාදිතය සහ අනුභූතිමය යථාර්තය සහ සයිබර් අවකාශයේ අතථ්‍ය යථාර්තය අතර ඇති අන්තරයයි. කෙසේ නමුත්, ධනවාදය පිළිබඳ විචාරණය සක්‍රීය කිරීමට ඇති එකම මාර්ගය මෙය ද? ධනවාදය පිළිබඳ ගැටළුව මෙම පුද්ගල මාත්‍ර වියරු නර්තනය නොව, ඉඳුරාම එහි ප්‍රතිපක්ෂය වුවොත් කුමක් වේද? එනම්, ධනවාදය, යථාර්තය සමග ඇති අන්තරය ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත් විට, එතෙකුදු නොනැවතී, ධනවාදය සැබෑ මිනිසුන්ගේ සැබෑ අවශ්‍යතා සඳහා සේවය කරන්නක් ලෙස පෙනී සිටීමට පටන් ගත් විට කුමක් වේවි ද? මාක්ස්ගේ අපුර්වත්වය නම් ඔහු කාඩ්පත් දෙකින්ම එකවිට සෙල්ලම් කිරීමය. භාවිත සහ හුවමාරු අගය අතර ඇති අන්තරය ධනවාදී අර්බුදයේ මුලාරම්භයයි. තව ද, ධනවාදය ඵලදායිතාවයේ නිදහස් වර්ධනය පිළිබඳව බල කර සිටී. මේ සියල්ලෙහිම අර්ථය නම්, අද වන විට ආර්ථික විශ්ලේෂනයේ අත්‍යාවශ්‍ය කාර්යය වන්නේ දේශපාලන ආර්ථිකය පිළිබඳ මාක්ස්ගේ විචාරයේ පුනරුක්තිය මිස පශ්චාත් කාර්මික සමාජයන්හි මතවාදී නැඹුරුව විසින් පෙලඹීම නොවේ. මාගේ උපකල්පනය නම් මුලික වෙනස්කම් සලකා බලනුයේ පෞද්ගලික සම්පත්වල තත්වය පිළිබඳවය. බලය සහ පාලනය පිළිබඳ පරම මුලිකාංගය තවදුරටත් ආයෝජනය නැමති දම්වැලෙහි අවසාන පුරුක නොව, නිෂ්පාදිතයේ වත්කම සැබෑ ලෙසම හිමි සමාගම හෝ පුද්ගලයාය. වර්තමාන පරමාදර්ශී ධනවාදියා වෙනස්ම ආකාරයකට ක්‍රියා කරයි. ණයට ගත් මුදල් ආයෝජනය කරමින්, ණයට ගත් දෙයකටවත් සැබෑ ලෙස හිමිකම් නොකියමින්, එතෙකුදු වුව ද සියලු තත්වයන් පාලනය කරමින් ඔහු ක්‍රියා කරයි. එක් එක් බැංකුවලින් ණය ගන්නා, අවසානයට ගත් කල අප වැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් අත්පත් කර ගන්නා මුදල් මෙහෙය වන සමාගමක් විසින් තවත් සමාගමක් අතපත් කර ගනී. නිශ්පාදනය ලෙස අර්ථ දක්වන පෞද්ගලික ධනයබිල් ගේට්ස් සම්බන්ධයෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අර්ථ ශූන්‍ය වේ. මෙම ධනවාදය තුල ඇති අතථ්‍යකරණයේ විරුද්ධාභාසය අවසානයේ දී භෞතික විද්‍යාවේ ප්‍රාථමික අංශු ඉලෙක්ට්‍රෝන හා සමාන වේ. යථාර්තයේ සෑම පදාර්ථයකම මාත්‍රාව සැදෑ ඇත්තේ එහි නිශ්චල මාත්‍රාවේ සහ එහි ක්‍රියාකාරීත්වයේ ත්වරණයෙන් සපයනු ලබන අතිරික්තයේ එකතුවෙනි. කෙසේ නමුත්, ඉලෙක්ට්‍රෝනයක නිශ්චල මාත්‍රාව ශුන්‍ය වේ. එහි මාත්‍රාවට අන්තර්ගත වනුයේ එහි ක්‍රියාකාරීත්වයේ ත්වරණයෙන් ජනනය වන අතිර්ක්තය පමණි. එය හරියට ව්‍යාජ ලෙස තම ප්‍රකර්ෂය කරා භ්‍රමණය වීමෙන්ම රැවටිලිකාරී සාරයක් අත්කර ගන්නා ශූන්‍යයන් සමග අප කටයුතු කරනවා වැනිය. වර්තමාන අතත්‍ය ධනවාදියා සමපරිමාන ආකාරයකට කටයුතු නොකරන්නේ ද? ඔහුගේ ශුද්ධ අගය ශුන්‍යයේ දී, ඔහු සෘජුවම අනාගතයෙන් ණයට ගත් අතිරික්තය භාවිතා කර ක්‍රියා කරයි.

සත්‍ය වශයෙන්ම, මයිකල් හාර්ඩ්ට් සහ ඇන්ටෝනියෝ නෙග්‍රි ඔවුන්ගේ “Empire” (2000) කෘතිය තුල කිරීමට තැන් කරනුයේ ද මෙයයි. හාර්ඩ්ට් සහ නෙග්‍රි ගෝලීයකරණය විස්තර කරනුයේ සංදිග්ධ 3 විප්‍රදේශගතකරණය deterritorialization ලෙසයි. ජයග්‍රාහී ගෝලීය ධනවාදය සමාජ ජිවිතයේ සෑම සිදුරකමට ඇතුළු වේ. වඩාත් අභ්‍යන්තර අවස්ථා තුලට කාවැදී, තවදුරටත් පීතෘ මුලික හෝ ධුරාවලි ව්‍යුහයන් වල ආධිපත්‍ය මත පදනම් නොවන සදාතනික ගතිකත්වයක් පිහිටුවනු ලබයි. ඒ වෙනුවට එය ගලා යන, දෙමුහුන් අනන්‍යතාවක් ඇති කරයි. අනෙක් අතට, සෑම සමාජ සම්බන්ධතාවයකම මෙම මුලික විඛාදනය, බහිරවයාට බෝතලයෙන් එළියට යාමට මග පාදයි. එය, ධනවාදී ක්‍රමයට තවදුරටත් සහමුලින්ම පාලනය කල නොහැකි විභව්‍ය කේන්ද්‍රාපසාරී බලයක් මුදා හරී. ධනවාදී ක්‍රමය පෙර කවරදාටත් වඩා අන්තරාදායී තත්වයකට පත් වී ඇත්තේ එහි ගෝලීය විජයග්‍රහණය නිසාමය. එනයින් මාක්ස්ගේ පැරණි නියමය දැනටත් වලංගුය. ධනවාදය තමාගේම මිනීවල හාරමින් සිටී. හාර්ඩ්ට් සහ නෙග්‍රි මෙම ක්‍රියාවලිය විස්තර කරනුයේ දේශීය රාජ්‍යයේ සිට ගෝලීය ආධිපත්‍ය දක්වා ඇති වූ සංක්‍රාන්තියක් ලෙසය. එම සංක්‍රාන්තිමය ස්ථිතිය, විසිරුන අනන්‍යතාවන්ගේ දෙමුහුන් මාත්‍රයන් වැඩිදියුණු වූ පැරණි රෝමය හා සංසන්දනය කල හැක. ඉඳින්, හාර්ඩ්ට් සහ නෙග්‍රි, වර්තමාන ටර්බෝ-ධනවාදයේ (turbo-Capitalism) පරස්පර විරෝධී ස්වභාවය අපට අවබෝධ කරදීම වෙනුවෙන් සහ එහි විප්ලවීය විභවය හා ගතිකත්වය හඳුනාගැනීමට උත්සාහ දැරීම වෙනුවෙන් මීට වඩා වැඩි ප්‍රශංසාවක් ලැබිය යුතු වේ. එම වික්‍රමාන්විත උත්සාහය, ගෝලීයකරණයේ විනාශකාරී බලයන් මැඩපැවැත්වීමට සටන් කරන සහ සුභසාධන රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන වාමාංශයේ සම්මත දර්ශනයට, විරුද්ධව ක්‍රියා කරයි. ගෝලීයකරනයේ සහ ඩිජිටල්කරණයේ ගතිකත්වය පිළිබඳ ගතානුගතික අවිශ්වාසයක් මෙම සම්මත වාමාංශික දර්ශනය තුලට කාවැදී ඇත. ප්‍රගතියේ බලය පිළිබඳ මාක්ස්ගේ විශ්වාසයට මෙය තරමක් පරස්පර වේ.

කෙසේ නමුත් හාර්ඩ්ට්ගේ සහ නෙග්‍රිගේ විචාරයේ අන්තර්ගත සීමාවන් වෙත කෙනෙකුගේ අවදානය නිතැතින්ම යොමු වේ. ඔවුන්ගේ සමාජ-ආර්ථික විචාරයේ ප්‍රත්‍යක්ෂ දැක්මක අඩුපාඩුව බහුතරයකට වටහා ගැනීමට අපහසු ප්‍රභාෂාවක් යොදා ගැනීමෙන්ම (විප්‍රදේශගතකරණය- deterritorialization ආදී) සනාත වේ. මෙම කතෘන් යෝජනා කරනුයේ අපගේ දේශපාලන අරගලය ගෝලීය අයිතීන් තුනක් මත කේන්ද්‍ර ගත කරන ලෙසය. එනම්, ගෝලීය පුරවැසිභාවයට ඇති අයිතිය, අවම ආදායම, සහ නිෂ්පාදනයේ නව උපායමාර්ගය පිළිබඳව නැවත අනුයෝජනය කිරීමයි (අධ්‍යාපනය, තොරුතුරු සහ සංනිවේදනය පාලනය කිරීමට ඇති පිවිසුම). හාර්ඩ්ට් සහ නෙග්‍රි, ජංගමයේ, විවිධාංගයේ සහ මුහුම්කරණයේ කවීන් ලෙස ජගත් මානව අයිතීන් යන පාරිභාෂිතය තුළ ක්‍රමවත්ව දක්වා ඇති මෙම ඉල්ලීම් තුන වෙනුවෙන් ඇමතීම විරුද්ධාභාෂයකි. මෙම ඉල්ලීම් වල ඇති දෝශය නම් ඒවා විධිමත් ශුන්‍යභාවය හා අසම්භාව්‍ය උන්මුලකරණය (රැඩිකල්කරණය) අතර උච්චාවචනය වීමය. ගෝලීය පුරවැසිභාවය පිළිබඳ අයිතිය ගත්විට, න්‍යායාත්මකව මෙම අයිතිය ඇත්තෙන්ම අනුමත කල යුතුය. කෙසේනමුත්, මෙම ඉල්ලීම සුප්‍රකට විධිමත් ප්‍රකාශයකට වඩා වැඩියමක් ලෙස ගැඹුරින් සලකා බැලූ විට, එය රාජ්‍ය සීමාවන් අවලංගු කිරීමක් අදහස් කරන බව පැහැදිලිය. වර්තමාන තත්වයන්ට අනුව එවැනි පියවරක් එක්සත් රාජ්‍යයට සහ බටහිර යුරෝපයට ඉන්දියාවෙන්, චීනයෙන් සහ අප්‍රිකාවෙන් අඩු වියදම් ශ්‍රමයක් ලබා ගැනීමට මාර්ගය පෑදීමකි. එහි ප්‍රතිඵලය සංක්‍රමණිකයන්ට විරුද්ධව කෙරෙන ජනප්‍රියවාදී 4 විප්ලවයක් වනු ඇත. මෙය අනෙක් ඉල්ලීම් දෙක පිළිබඳව ද වලංගු වේ. උදාහරණයක් ලෙස, අවම ආදායමක් සඳහා ඇති ජගත් අයිතිය ගත් විට සෘජුවම නැගෙන පැනය නම්, ‛ඇත්තෙන්ම ඇයි බැරි?’ යන්නය. නමුත් කෙනෙකු ප්‍රමානාත්මක සමාජීය ආදායම හෝ එවැනි ඛණ්ඩනය වූ සංක්‍රාන්තියකට අවශ්‍ය මතවාදීමය තත්වයන් කෙසේ නිර්මාණය කරන්න ද? මෙම විවේචනය එල්ල වී ඇත්තේ ද්විතීක ආනුභූතික විස්තර වලට පමණක් නොවේග “Empire”  කෘතියේ ඇති මුලික ගැටළුව නම්, එහි වර්තමාන ගෝලීය සමාජ ආර්ථික ක්‍රියාදාමය විසින් විප්ලවීය මානයන් සඳහා අවශ්‍යය අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳව මුලික විග්‍රහය ඉතා කෙටිවීමය. වර්තමාන තත්වයන් යටතේ නිෂ්පාදනයේ ධනවාදී ස්වරූපයේ ඇති නෛසර්ගික ප්‍රතිවිරෝධතාවන් තුලින් නිර්ධන පන්තික විප්ලවයේ අපේක්‍ෂාව හටගන්නා බව කියන මාක්ස්ගේ තර්කය පුනරුක්තිකරණයට ඔවුන් අසමත් වේ. මේ අනුව “Empire” කෘතිය පුර්ව-මාක්ස්වාදී ග්‍රන්ථයක් ලෙස රඳා පවතී. කෙසේනමුත්, මාක්ස් වෙත නැවත හැරීම හෝ ඔහුගේ විග්‍රහයන් පුනරුක්තිය ප්‍රමාණවත් නොවන නමුත් කල යුතු වන්නේ ලෙනින් වෙත නැවත හැරීමය. එවැනි ආදර්ශ පාඨයකට පළමු මහජන ප්‍රතිචාරය වනු ඇත්තේ නිසැකයෙන්ම උපහාසාත්මක සිනහවකි. මාක්ස්, ධනවාදී ගතිකත්වයන් පිළිබඳ පරිසමාප්ත විස්තරයන් ඉදිරිපත් කරන අර්චන හුවමාරු භාණ්ඩවල කවියා ලෙස වෝල් ස්ට්‍රීට් වලදී පවා ඔවුන් වර්තමාන මාක්ස්ට ආදරය කරයි. ඔහු එදිනෙදා ජිවිතයේ පිටස්තරභාවය පෙන්නුම් කර දෙන සංස්කෘතික අධ්‍යයනයේ මාක්ස්ය. නමුත් ලෙනින් එසේ නොවේ. ඔබ තවදුරටත් බරපතල ලෙස නොසිතනවා විය හැකියි. කම්කරු පන්ති ව්‍යාපාරය, විප්ලවකාරී පක්ෂය හා සමාන දුක්බර න්‍යායන්? ඇත්තෙන්ම ලෙනින් ඉදිරිපත් වනුයේ මාක්ස්වාදය ප්‍රායෝගික කිරීමේ නොහැකියාව සඳහා, විසිවන ශතවර්ෂයේ ලෝක දේශපාලනය ඉතිරි කල විනාශයේ සලකුණු සඳහා සහ ආර්ථිකමය වශයෙන් අසමත් ආඥාදායකත්වයක් තුළ කුළුගැන්වෙන සැබෑ සමාජවාදී පර්යේෂණයක් සඳහා නොවන්නේ ද? සමකාලීන ශාස්ත්‍රීය දේශපාලනය තුල ලෙනින් සමඟ කටයුතු කිරීමේ අදහස සුදුසුකම් දෙකක් යටතේ අනුබද්ධ වී ඇත. ඔව්, ඇයි නැත්තේ, අප ජීවත්වනුයේ නිදහස් ප්‍රජාතන්ත්‍රයක් තුල නොවේ ද? එහි චින්තනයේ නිදහස ඇත. කෙසේනමුත්, කෙනෙකු ලෙනින්ව වාස්තවික, විවේචනාත්මක සහ විද්‍යාත්මක ආකාරයකින් මිස අතීතකාමී මූර්තිරූප වන්දනාත්මක ආකල්පයකින් නොසැලකිය යුතුය. තවදුරටත්, ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන ක්‍රමය තුල තදින්ම මුල් බැසගත් ආකල්පයකින් හා මානව අයිතීන්ගේ බුද්ධිමය සීමාව තුළ, විසිවන සියවසේ සර්වාධිකාරවාදයේ අත්දැකීම් මගින් උගත් දුෂ්කරම පාඩම් ද එයට අන්තර්ගත වේ.

අපි මෙයට කුමක් කියමු ද? නැවතත්, ගැටළුව මතු වනුයේ, ලෙනින් දක්වන ආකාරයට සංයුක්ත ප්‍රත්‍යක්ෂ්‍ය සිද්ධීන්වල ප්‍රත්‍යක්ෂ්‍ය විග්‍රහයන් තුලින් පහසුවෙන් වටහා ගත හැකි නිසැක සුදුසුකම් තුලිනි. ප්‍රජාතාන්ත්‍රීය සම්මුතීන්ට ඇති අනුකූලතාවයනු වර්තමාන නිදහස් පාර්ලිමේන්තු සමාහිතයේ පිළිගැන්මයි. එනම්, මෙම නිදහස් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය එය නිලවශයෙන් ගර්හා කරනු ලබන ප්‍රපංචය තුලම අපහාසාත්මක වන්නේ කෙසේ ද වැනි කුමන හෝ බැරෑරුම් ගැටළුවක් මතුවීම වලක්වන සහ 5 සමාජ-දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට උපකල්පනය කරන බැරෑරුම් උත්සාහයක් පිටුපසට තල්ලුකරන වර්තමාන නිදහස් පාර්ලිමේන්තු සමාහිතයේ පිළිගැන්මයිග එහි අර්ථය කෙටියෙන් නම්, ඔබ කරන දෙය ප්‍රභල දේශපාලන සම්මුතීන් බලවත් ලෙස ප්‍රශ්න කරන්නේ හෝ එයට බාධා කරන්නේ නොමැත යන පදනම මත, ඔබට ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට අයිතිය ඇත යන්නය. ඉඳින් සෑම දෙයකටම අනුමැතිය ඇත. එමෙන්ම පොළඹවා ඇත. විවේචනාත්මක මාතෘකාවක් ලෙස: ගෝලීය පාරිසරික බිඳවැටීමේ පිරික්සුම, මානව අයිතීන් උල්ලංඝනය, ලිංගික අපහරණය, සමලිංගිකත්වය පිළිබඳ භීතිකාව, ප්‍රති-ස්ත්‍රීවාදය, ඈත එපිට රටවල පමණක් නොව අපේ මහා නගර තුල ද වර්ධනය වන ප්‍රචණ්ඩත්වය, පළමු සහ තුන්වන ලෝක අතර ඇති අන්තරය, ධනවතා හා දුප්පතා අතර ඇති අන්තරය අපගේ එදිනෙදා ජීවිතය ඩිජිටල්කරණය වීමේ බලපෑම .... ජනවාර්ගික, ආගමික හා ලිංගික ප්‍රචණ්ඩත්වයේ නව මුහුණුවර හා සටන් කිරීම පිළිබඳ වූ බහුශික්ෂණයාත්මක ගවේශන සඳහා ජාත්‍යන්තර, රාජ්‍ය හා ඒකාබද්ධ අරමුදල් ලබා ගැනීම තරම් වර්තමානයේ අන් කිසිවක් පහසු නොවේ. ගැටළුව නම් මෙය හටගනුයේ මුලික ඩෙන්ක්වර්බොට් (චින්තනයට වැට බැඳීම) පසුබිමට එරෙහිවය. 1960 අග භාගයේ ජර්මනියේ හටගත් අප්‍රසිද්ධ බෙරුස්වර්බෝට හා සමාන නොලියැවුණු එක්තරා ඩෙන්ක්වර්බෝට් වර්ගයකින් වර්තමාන නිදහස් ප්‍රජාතන්ත්‍රීය හෙජමනිය නොනැසී පවතී. එනම්, පවතින ක්‍රමයට බැරෑරුම් ලෙස අභියෝග කරන දේශපාලන ව්‍යාපෘතියක කෙනෙකු නියැලී සිටින බවට කිසියම් අවප්‍රමාන සංඥාවක් දක්වන මොහොතේ, ක්ෂණික පිළිතුර වනුයේ සුපුරුදු ලෙස කරුණාවන්ක මෙය නව ගලගයකින් (Gulag=ශ්‍රම කඳවුරකින්) අනිවාර්යෙන්ම අවසන් වනු ඇතෟයන්නය. විද්‍යාත්මක වාස්තවිකත්වයසඳහා වූ ඉල්ලුම අර්ථ දක්වනුයේ ද එයමය. එනම්, කෙනෙකු පවතින නිදහස් සමාහිතය බරපතල ලෙස ප්‍රශ්න කරන මොහොතේ දී, ඔහු විද්‍යාත්මක වාස්තවිකත්වය යල්පැනගිය මතවාදමය තත්වයක් ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් චෝදනාවට ලක්වේ. මෙහිදී අපට නම් එය අප කවුරුත් කිසිදු සම්ප්‍රදාය විරෝධී ක්‍රියාවක නියැලී ඇති බව නොකියයි. ද ක්වින්සිගේ මිනී මැරීමේ සරල කලාවගැන ආත්තෝපදේශය සමහරවිට ඔබ කවුරුත් අසා ඇත. කෙතරම් පිරිසක් ඒ අවස්ථාවේ කිසිදු විශේෂත්වයක් නොපෙනුන සරල මිනී මැරීමකින් ආරම්භ කර, සාකච්ඡා මේසයේ නොහොබිනා හැසිරීමකින් අවසන් කර ඇත් ද? මේ ආකාරයට, පොලිස් නිලධාරියෙකුගේ අහිංසක ප්‍රහාර කීපයකින් සහ එම අවස්ථාවේ විශේෂයක් ලෙස නොපෙනන මොලොටොව් මධ්‍යසාර පානයෙන් ඇරඹි ගමන ජර්මානු විදේශ ඇමතියෙකු ලෙස අවසන් කරන්නෙකුගේ අඩි පාරේ යාමට අපට කවුරුත් කිසිසේත්ම කැමති නොවනු ඇත. කෙසේනමුත්, මෙහි අපට පිළිගැනීමට නොහැකි කාරණයක් ද ඇත. එනම්, වර්තමානයේ චින්තනයේ සැබෑ නිදහස ලෙස අර්ථ දක්වනුයේ ප්‍රබල, නිදහස් ප්‍රජාතාන්ත්‍රික, ‛පශ්චාත් මතවාදීයසමාහිතය ප්‍රශ්න කිරීමට ඇති නිදහස නැතිනම් එය අර්ත ශුන්‍යය.

එහෙත්, අප බහුතරයක් ඇතැම් විට යර්ගන් හබර්මාස් හා එකඟ නොවනු ඇත. අප ජීවත් වනුයේ ඔහුගේ යෙදුමෙන් නම් „neue undurchsichtliclitieit‟", එනම්, නව පාරාන්ධතාව ලෙස නම් කල යුගයකය. අන් කවරදාටත් වඩා අපගේ එදිනෙදා අත්දැකීම් ව්‍යාකූල වී ඇත. නවීකරණය විසින් නව 6 ප්‍රගති විරෝධයන් උත්පාදනය කරනු ලබයි. නිදහසේ ඌරණය නව ස්වතන්ත්‍රතාවන්ගේ එළඹුවක් ලෙස අපට ගෙන හැර දක්වයි. මෙම තත්වයන් යටතේ, කෙනෙකු විශේෂයෙන් පාලක මතවාදය හා බලපවත්වන මතවාදය පටලවා නොගැනීමට සැලකිලිමත් විය යුතුය. අන් කවරදාටත් වඩා, සමාජ අරගලයට පින්සිදුවන්නට යම් න්‍යායක් හෝ කලාවක් රඳා පවතින්නේ කෙසේ ද යන්න ඇසීම ප්‍රමාණවත් නොවන බව කියන වෝල්ටර් බෙන්ජමින්ගේ සිහි කැඳවීම යමකු මනසේ දාරණය කරගත යුතුය. එසේම, එම අරගල තුළ මෙම න්‍යායන් ඵලදායී ලෙස ක්‍රියාත්මකවන්නේ කෙසේ ද යන්න ද යමකු ඇසිය යුතුය. ලිංගිකත්වය තුළ ප්‍රභල හෙජමනි ආකල්පය පිතෘමුලික තහනම නොව නිදහස් ව්‍යභි සංවාසයයි. කලාවේදී, විඛ්‍යාත සංවේදන ප්‍රදර්ශනවල ශෛලිය තුල ඇති ප්‍රකෝපනයන් ධර්මතාවය වන අතර කලාවේ උදාහරණය සංස්ථාපනය හා පුර්ණ ලෙස ඒකාබද්ධ කර ඇත.

එම නිසා, මාක්ස්ගේ එකොලොස්වන නිබන්ධනය කණපිට පෙරලීමට කෙනෙකු පෙලඹෙනු ඇත. අදවන විට පළමු කාර්ය වනුයේ ක්‍රියා කිරීමට, සෘජුවම මැදිහත් වීමට හා දේවල් වෙනස් කිරීමට සලස්වන පෙළඹවීමට යටත්වීම නොව, හෙජමනියේ මතවාදමය ඛණ්ඩාංකයන් ප්‍රශ්න කිරීමය. නැතිනම්, බ්‍රෙෂ්ට් ඔහුගේ „Me Ti‟ හි පවසන ආකාරයට චින්තනය යනු ක්‍රියාව පුර්වගමනය කරන හා අත්දැකීම් හඹායන දෙයකි’. වර්තමානයේ කෙනෙකු ක්‍රියාව සෘජුවම අනුගමනය කරයි නම් එම ක්‍රියාව රඟ දැක්වනුයේ හිස් අවකාශයක නොවන අතර එම ක්‍රියාව හෙජමනියේ මතවාදමය ඛණ්ඩාංගකයන් තුළ තවත් එක් ක්‍රියාවක් වනු ඇත. ඇත්ත වශයෙන්ම මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය පුද්ගලයින් „Medecins Jans Frontieres‟, „Greenpeace‟ සහ ස්ත්‍රිවාදී හා වර්ගවාදී විරෝධී ව්‍යාපාරයන් වැනි සුරාකන්නන් හා පැටලැවෙනු ඇත. ඒ අතරම ඔවුන් ආර්ථික කලාපයටද ඇතුළු වනු ඇත. ඔවුන් එක්තරා සීමාවකට ආසන්න නොවී සිටින තාක් කල් ඔවුන්ට සහය දැක්වෙන අතර ඔවුන්ව ඉවසයි. වර්තමාන විප්ලවීය ඇමරිකානු ශාස්ත්‍රාලයේ ප්‍රබල මාතෘකා දෙකක් ගෙන බලමු. එනම්, පශ්චාත් යටත්විජිත සහ සමලිංගික අධ්‍යයන්ය. පශ්චාත් යටත්විජිතවාදයේ ගැටළුව නිසැකයෙන්ම ඉතා වැදගත් වේ. කෙසේනමුත්, පශ්චාත් යටත්විජිත අධ්‍යයනය බහු සංස්කෘතික ගැටළුකාරි යටත්විජිත සුළුතරයකගේ අනන්‍යභාවය යටපත් කරන බල යාන්ත්‍රනයේ ගොදුරු බවට පත්වීමේ අත්දැකීම කථනය කිරීමේ අයිතිය ලෙස පරිවර්තනය කරයි. ඉඳින් අවසානයේ පශ්චාත් යටත්විජිත සුරාකෑමේ මුලය අනෙකා කෙරෙහි ඇති අපගේම නුරුස්නාව බව අවබෝධ වේ. තවදුරටත්, ‛අප තුළ සිටින ආගන්තුකයාකෙරෙහි ඇති නුරුස්නාව නම් අප විසින්ම යටපත් කරන ලද අප ගැන සහ අප තුළ ඇති කාරණාවලට මුහුණදීමට ඇති නොහැකියාවයි. ඉඳින් දේශපාලන-ආර්ථික අරගලය, අභ්‍යන්තර ක්ෂිතීන්ට මුහුණ දීමට ඇති නොහැකියාව පෙන්වන ව්‍යාජ මනෝවිශ්ලේෂන නාට්‍යයන් බවට අදෘශ්‍යමාන ලෙස පරිණාමය කර ඇත. ඇමරිකානු ශාස්ත්‍රාලයේ දී සැබෑ දුෂණය යනු ප්‍රථමික වශයෙන් මුල්‍යමය නොවන දෙයකි. මා ද ඇතුලත් යුරෝපීයශාස්ත්‍රීය බුද්ධිමතුන් බහුතරයක් මිලදී ගැනීමට ඔවුනට හැකියාව තිබෙනවා පමණක් නොව, ඔවුන් මනෝභාවාත්මක ද වේ. යුරෝපීයවිවේචනාත්මක න්‍යායේ ප්‍රත්‍යයන් අදෘශ්‍යමාන ලෙස සංස්කෘතික අධ්‍යනය නැමති මෘදු මොලොක් අන්තර්ජාතික සුප්‍රසාධිතයකට පරිවර්තනය කර ඇත. මෙම විප්ලවීය සුප්‍රසාධිතයට අනුව, තුන්වන ක්‍රමයේ (Third way) මතධාරීන් හා වෘත්තිකයින් පිළිබඳ පළමු ආකල්පය නම් ඔවුන් පැසසිය යුත්තන් බවය. අවම වශයෙන් ඔවුන් ඔවුන්ගේ භූමිකාව තුල සෘජුව ක්‍රියා කරන අතරම ගෝලීය ධනවාදී සමකක්ෂයන් පිළිබඳ ඔවුන්ගේ පිළිගැනීමට ඔවුන් අවංක වේ. තම විප්ලවීයභාවය කිසියම් හෝ පුද්ගලයෙකුට කුමන හෝ නිශ්චිතයකට ලඟාවීමට උපකාර නොවන හිස් අභිනයක් බවට අවසානයේ පත් වුව ද, ව්‍යාජ-විප්ලවීය ශාස්ත්‍රීය වාමාංශිකයින් තෙවන ක්‍රමය (Third way) පිළිගනු ලබන්නේ අත්‍යන්ත අවඥාවක් යන ආකල්පයෙනි. ලෙනින් යනු අපට පැරණි ආධානග්‍රාහී ප්‍රත්‍යනිකය සඳහා වූ නොස්ටැල්ජික අතීතකාමී නමක් නොවේ. අප බලාපොරොත්තු වන ලෙනින් කියකිගාඩියානු වචනයෙන් කිවහොත් නැගී එන ලෙනින්ය’, සංතාරය තුළ පැරණි ඛණ්ඩාංක වලට අනුව ප්‍රයෝජන රහිත යැයි සනාත වුණු විනාශකාරී නව සංතාරය තුලට විසිවීම මුලික අත්දැකීම වූ ලෙනින්, සහ ඒ ආකාරයෙන් මාක්ස්වාදය නැවත කරලියට ගෙන ආ, සමහර නව ගැටළු පිළිබඳ ඔහුගේ කාලෝචිත කර්කශ ප්‍රකාශයන් මතක් කර දුන් ලෙනින්ය. මේ ගැන මාක්ස් සහ එන්ගල්ස් කිසිවක් නොකිවේය’. මෙහි අදහස නම් ලෙනින් වෙත ආපසු යාම නොව කියකිගාඩියානු ආකාරයට ඔහුව නැවත දැක්වීමය. එම පෙළඹවීම වර්තමාන සන්තාරය තුළ ද නිවැරදි කර දැක්වීමය. ලෙනින් වෙත ආපසු හැරීම යොමු වනුයේ පැරණි යහපත් විප්ලවීය වකවානුවසරාණීය ලෙස නැවත පැනවීම හෝ පැරණි වැඩසටහන් නව තත්වයන්ලෙස අවස්ථාවාදී - ප්‍රායෝගික සැකසීම වෙත නොව නැවත දැක්වීම වෙතය. එනම්, වර්තමානයේ අධිරාජ්‍යවාදය සහ යටත්විජිතවාදය යන තත්වයන් යටතේ විප්ලවීය ව්‍යාපෘතිය නැවත නිපදවීමේ ලෙනිනියානු අභිනය නැවත ප්‍රාණවත් කිරීමය. විසිවන සියවසේ සංකල්පය එරික් හොබ්ස්බෝව්න් අර්ථ දක්වනුයේ, ධනවාදයේ දීර්ඝ, සාමකාමී ව්‍යාප්තියේ අවසානය වූ 1914 වර්ෂය සහ සැබෑවටම පැවති සමාජවාදයේ කඩා වැටීමෙන් පසු ගෝලීය ධනවාදයේ නව ආකෘතිය පෙරට ආ 1990 වර්ෂය අතර කාලය ලෙසය. ලෙනින් 1914 වර්ෂය වෙනුවෙන් කළ දේ අප 1990 වර්ෂය වෙනුවෙන් කල යුතුය. ලෙනින් පෙනී සිටිනුයේ, යල් පැනීම අත්හිටුවීමට ඇති මුලික නිදහස, පවතින මතවාදමය ඛණ්ඩාංකයන්, අප ජිවත් වන බලහීන කරන ඩෙන්ක්වර්බොට් (Denkverbot) වෙනුවෙනි. මෙයින් සරලව අදහස් වනුයේ නැවත සිතීමට අපට අනුමැතිය ඇති බවය.

අර්ථශාස්ත්‍රවාදය හා පිවිතුරු දේශපාලනයට විරුද්ධව ගෙන ආ ලෙනින්ගේ මතවාදය වර්තමානයේ දී ඉතා වැදගත් වේ. එමෙන්ම එය විප්ලවීය චක්‍රය තුළ ආර්ථිකය පිලිබඳව ඇති ඉහිරුණ ආකල්පයේ කාලෝචිතභාවය පසක් කරයි. එක් අතකට, අරගලයේ සහ මැදිහත් වීමේ පිටිය ලෙස ආර්ථිකය අත්හැර දමන පිවිතුරු දේශපාලඥයින් සිටී. අනෙක් අතට වර්තමානයේ ක්‍රියාත්මක වන ගෝලීය ආර්ථිකයෙන් උන්මාදයට පත් ආර්ථික විද්‍යාඥයින් ද සිටී. අද, වෙන කවරදාටත් වඩා අප ලෙනින් වෙත හැරිය යුතුය. ඔව්, ආර්ථිකය ප්‍රධාන ස්වාමීත්වයයි. අරගලය තීරණය වන්නේ එතනයි. කෙනෙකුට ගෝලීය ධනවාදයේ ජීවම බිඳීමට සිදුවේ. නමුත් මැදිහත්වීම නියම ලෙස දේශපාලනමය විය යුතු අතර ආර්ථිකමය නොවිය යුතුය.8 මේ ආකාරයෙන් සටනේ පැතිකඩ දෙකකි. ඔව් ප්‍රථමයෙන් ප්‍රතිධනවාදයයි. කෙසේනමුත්, ගැටළු සහිත ධනවාදයේ දේශපාලන ආකෘතිය වන පාර්ලිමේන්ත ලිබරල් ප්‍රජාතාන්ත්‍රවාදය ප්‍රශ්න නොකර කරන ප්‍රතිධනවාදය කොතරම් රුඩිකල් වුව ද ප්‍රමාණවත් නොවේ. ඇතැම් විට වර්තමාන උපාය නම්, නිදහස් ප්‍රජාතාන්ත්‍රීක උරුමය ප්‍රබල ලෙස ගැටළුවට භාජනය නොකර ධනවාදය හෙලා දැකීමට කෙනෙකුට හැකි විය යුතුය යන විශ්වාසයයි. මෙම නිදහස් ප්‍රජාතාන්ත්‍රික උරුමය ධනවාදයෙන් ඉපිද, ස්වාධිකාරයක් අත්කර ගත්ත ද ධනවාදය විවේචනය කිරීමට සහයෝගය සැපයුවද එම විශ්වාසය වෙනස් නොවේ. මෙම පෙළඹවීම එහි දෘශ්‍ය විලෝමයට, ව්‍යාජ ඩෙලියුසියනයට (Deleuzian), ආදර-වෛරයට, සියලු අදම්‍යයන් හා ගතිකත්වයන් ගිල දමන විප්‍රදේශගතකරණය කරන රෛසෝමීය පිසාචයෙකු ලෙස දැක්වූ රාජ්‍යයේ මනහර පද්‍යමය සංවර්ධනයට සෘජුවම අනුබද්ධ වේ. හැමදාමත් මරණයෙන් උත්තානය වන එය සෑම අර්බුධයක්ම ශක්තිමත් කරයි. ඩයිනෝසියානු පිනික්ෂයා Dionysus-Phoenix නැවත උපත ලබයි. මාක්ස්ගේ දේශපාලන දෂ්ඨ කිරීම හෙලා දකින අවස්ථාවේ උචිත වනුයේ මාක්ස් ඇත්තෙන්ම මිය ගිය බවපවසන මෙම මාක්ස් ගැන කාව්‍යමය (ප්‍රති) ධනවාදී නිර්දේශයයි. ඉඳින්, ලෙනින් පිළිබඳ මේ සියල්ල කොහි ද? අතිප්‍රමුඛ මතයට අනුව, ඔක්තෝබර් විප්ලවයෙන් පසු වර්ෂ වලදී, පුද්ගලයින්ගේ නිර්මාණාත්මක හැකියාව පිළිබඳ ලෙනින්ගේ හීන වෙමින් පැවති විශ්වාසය, විද්‍යාව සහ විද්‍යාඥයින්ගේ භූමිකාව ප්‍රවීනයින්ගේ අධිකාරය මත රඳා පවතින බව උදක් කියා සිටීමට ඔහුව පෙළඹ වීය. දේශපාලනය පසුතලයට පසුබසින එම ප්‍රීතිමත් යුගයේ ආරම්භය හා ඉංජිනේරුවන් සහ ශස්‍යවිද්‍යාඥයින් වැඩිපුර කතා කරන හා තීරණ ගන්නා යුගයක්ගැන ඔහු අගේ කරමින් පැවසීය. ඒ කාර්මික විශේෂඥ පශ්චාත් දේශපාලනය ද? ඒකාධිකාරී ධනවාදයේ බල ප්‍රදේශය තුලින් සමාජවාදයේ මංපෙත් දිවයන්නේ කෙසේ ද යන්න පිළිබඳ ලෙනින්ගේ ආකල්ප වර්තමානයේ දී ඉතා අන්තරායකර හා නෝන්ජල් අදහස් ලෙස පෙනෙනු ඇත. බැංකු, වෙළඳ මණ්ඩල, තැපැල් සේවා, පාරිභෝගික සමාජ සහ කාර්යාල සේවක සංගම් වල ස්වරූපයෙන් ධනවාදය ගණකාධිකරන ප්‍රතිපාදිතයක් නිර්මාණය කර ඇත. මහ බැංකු රහිතව සමාජවාදයක් ගොඩ නැගීම කල නොහැක්කකි. මෙහි දී අපගේ කාර්යය නම්, මෙම විශිෂ්ට ප්‍රතිපාදිතය ධනේශ්වර ලෙස අංගජේදනය කරණා යමක් ඇද්ද එය වඩාත් විශාල කිරීමේ, වඩා ප්‍රජාතන්ත්‍රිය කිරිමේ හා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඉවත්කර දැමීම පමණි. මෙය භාණ්ඩ නිශ්පාදනයේ හා බෙදා හැරීමේ ග්‍රාම-ව්‍යාප්ත පොත් තැබීමේ හා ග්‍රාම-ව්‍යාප්ත ගිණුම් තැබීමේ වැඩසටහනක් විය හැකිය. නැතිනම් සමාජවාදී සමාජයේ සැකිල්ලේ ස්වභාවය තුල අන්තර්ගත දෙයක් විය හැකිය. (ලෙනින් 1960-70, 26:106)

මෙය මාක්ස්ගේ වඩාත්ම විප්ලවීය ආකල්පය නොවන්නේද? එනම්, මාක්ස්ගේ සාමාන්‍ය බුද්ධියයන සංකල්පය විසින්, ‛සිද්ධීන්ගේ පාලනතන්ත්‍රයවිසින් ජනතාවගේ පාලනතන්ත්‍රයතනතුරෙන් පහකල පශ්චාත් දේශපාලන ලෝකයේ සියලු සමාජ ජිවිත විනිවිද ස්වභාවයකින් විධිමත් කිරිමය. ඇත්තෙන්ම මෙම පරිපාලනයට යටත් ලෝකයේසහ උපකරණීය හේතුන්ගේ විවේචනාත්මක විග්‍රහයේතාලයේ 9 උදෘතයට එරෙහිව ක්‍රියා කිරීම පහසුය. ඒකාධිපතිවිභවයන් අභිලේඛනය කර ඇත්තේ පුර්ණ සමාජ දමනයේ සංයුතියට අනුවය. ස්ටාලින් යුගය තුල සමාජ පාලනතන්ත්‍රයේ ප්‍රතිපාදිතය සැලකිය යුතු මට්ටමින් විශාල වන්නේ කෙසේ ද යන්න උපහාසාත්මකව දැක්වීම පහසු කටයුත්තකි. තවදුරටත්, මෙම පශ්චාත් දේශපාලන දර්ශනය, පන්ති අරගලයේ සදාකාලිකත්වය යන මාවෝවාදී සංකල්පනයේ ප්‍රතිවිරුද්ධ පැතිකඩ නොවන්නේ ද? (‛සෑම දෙයක්ම දේශපාලනමය වේ’) කෙසේනමුත්, ඇත්තෙන්ම මේ දේවල් අසංදිග්ධ වේ ද? කෙනෙකු අද දවසේ සාමාන්‍ය බුද්ධිය සදහා ඇති හොදම උදාහරණය වන ලෝක ව්‍යාප්ත අන්තර්ජාලය වෙනුවට මහ බැංකු උදාහරණය ප්‍රතිස්ථාපනය කල හොත් කුමක් වේද? ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයේ භූමිකාව පිළිබඳ න්‍යාය ලෙනින් ඵලදායි ලෙස වර්ධනය කරමින් සිටියා ද, ජාලය ඔහුට ආගන්තුක මාතෘකාවක් වූ බැවින් ඔහුට අවාසනාවන්ත මහ බැංකු වලට යොමු වීමට සිදු විය. මීට අදාලව, ලෝක ව්‍යාප්ත ජාලය (World Wide Web) රහිතව සමාජවාදය අසම්භාව්‍යක් බව කෙනෙකුට ප්‍රකාශ කළ හැකිය. මෙහි දී අපගේ කාර්යය නම්, මෙම විශිෂ්ට ප්‍රතිපාදිතය ධනේශ්වර ලෙස අංග ජේදනය කරනා යමක් ඇද්ද, එය වඩාත් විශාල කිරීමේ ප්‍රජාතන්ත්‍රිය කිරීමේ හා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඉවත් කර දැමීමය. නිශ්පාදනයන්ගේ සම්බන්ධතා සහ ඵලදායී බලවේගයන් පිළිබඳ පැරණි, අපවාදාත්මක සහ අර්ධවශයෙන් අමතකව ගොස් ඇති මාක්ස්වාදී අපෝහකවාදය ප්‍රාණවත් කිරීමට මෙම තත්වයන් යටතේ කෙනෙකු පෙළඹෙනු ඇත. සැබෑවටම පැවති සමාජවාදය වලලා දැමුවේ එකී අපෝහකවාදයන් බව කවුරුත් දන්නා කාරණයකි. කාර්මික ආර්ථිකයේ සිට පශ්චාත් කාර්මික ආර්ථිකය දක්වා කාලය තුල සමාජවාදයට නොනැසී පැවතීමට නොහැකි විය. කෙසේනමුත්, ඩිජිටල් විශ්වයන් සඳහා නිශ්පාදනය සම්බන්ධතාවල ස්වාභාවිකසැකිල්ල ඇත්තෙන්ම ධනවාදය විසින් සපයනවා ද? ලෝක ව්‍යාප්ත ජාලය සහ විසිරුණු භව්‍යතාවන් ද ධනවාදය සඳහා නොවන්නේ ද? මයික්‍රොසොෆ්ට් ඒකාධිකාරයෙන් කියා දුන්නේ ද නිශ්චිත වශයෙන්ම ලෙනින්වාදී පාඩමක් නොවේද? රාජ්‍ය ප්‍රතිපාදිතය තුලින් එහි ඒකාධිකාරයට සටන් කිරීම වෙනුවට, නිදහසේ ප්‍රවේශ වියහැකි දෙයක් ලෙස විදහා දක්වමින් එය පොදු අයිතියට පැවරීම වඩාත් තාර්කිකනොවේද?

එකී නව ඩිජිටල් කර්මාන්ත වල ඇති මුලික ප්‍රතිවිරෝධතාව නම්, ලාභය නඩත්තු කල හැක යන තර්කය තුළ පමණක් සිටිමින් පුද්ගලික දේපලවල ස්වභාවය කෙසේ නඩත්තු කරයි ද යන්නය. එමෙන්ම, ජෛව ශක්තිජනකයන් වල නීතිමය සංකූලතාවන් යොමු වන්නේ ද එම දිශාවටම නොවේ ද? නව අන්තර්ජාතික වාණිජ එකඟතාවන්ගේ ප්‍රධාන සාධකය නම් බුද්ධිමය දේපල වන ආරක්‍ෂාවයි’. සංයෝගයක් සිදුවන කුමන හෝ අවස්ථාවක් ඇත්නම්, විශාල පළමු ලෝක සමාගම් තුන්වන ලෝකයේ සමාගම් යටත් කර ගනී. ඔවුන්ගේ පළමු කාර්යය නම් ගවේෂන දෙපාර්තමේන්තුව වසා දැමීමය. මෙහි දී මතු වන විරෝධභාසයන් නම්, පෞද්ගලික දේපල යන සංකල්පනය විසින් ඇති කරන අසාමාන්‍ය අපෝහකවාදී විරෝධාභාසයන්ය. තමන් ශතවර්ෂ ගනනක් තිස්සේ පරිහරණය කළ වෛද්‍ය ක්‍රමවේද සහ උපකරණ අද වන විට ඇමරිකානු සමාගම් විසින් අත්කර ගෙන ඇති බව ඉන්දියාවේ පොදු ප්‍රජාව10 විසින් අනාවරණය කර ගෙන ඇත. ඉඳින දැන් ඔවුනට ඇමරිකානුවන්ගෙන් මිල දී ගැනීමට සිදු වී ඇත. ජෛවජනක සමාගම් ජාන ප්‍රත්‍යක්ෂණීකෘත (patentalize) කිරීම ආරම්භ කිරීමත් සමඟ අපගේම කොටස් සහ අපේ ජානමය සංඝටක දැනටමත් ප්‍රතිරූපණය කර ඇති බවත්, ඒවා අන් අය විසින් අයත් කර ගෙන ඇති බවත් අපට පසක් වෙමින් පවතී. වර්තමානයේ අපට දැනටමත් ව්‍යාප්ත වෙමින් පවතින මහජන අසහනයේ සලකුණු දක්නට ලැබේ. මම මෙහිදී ඇත්තෙන්ම අවධානය යොමු කරනුයේ සියැටල්යන නාමය යටතේ ලැයිස්තු ගත කල සිදුවීම් වලටය. විජයග්‍රාහි ගෝලීය ධනවාදයේ දීර්ඝ මධුසමය අවසානය. ඉතිරිව ඇත්තේ දීර්ඝ කල් ඉකුත් වී ගිය හත් අවුරුදු කැසිල්ලය’. “Time”  සිට “Cable News Network”  දක්වා වූ පුළුල් මාධ්‍යයේ ක්ෂණික ප්‍රතිචාරය දෙස බලන්න. හදිසියේම ඔවුන් මාක්ස්වාදීන් විසින් අවංකවිරෝධතාකරුවන් මෙහෙයවන බවට අනතුරු ඇඟවීමට පටන් ගති. දැනට ඇති විධිමත් ලෙනින්වාදී ගැටළුව නම් ජනමාධ්‍යයේ චෝදනාව සැබෑවක් කිරීමට ප්‍රයත්න ගැනීමය. එසේත් නැතිනම්, විප්ලවිීය ගම්‍යතාව හීනවීම සහ ඉතිරිවන සියල්ල ආන්තික කැළඹීමක් වීම පමණක් සිදුවනු ඇත. සමහර විට, යම් යම් කාර්යක්ෂමතාවන් සහිතව නමුත් තදින්ම සීමා වූ අරමුණු, අළෙවි උපක්‍රම යනාදිය ඇතිව, “Greenpeace”  වැනි සංවිධානයක් ලෙස නව මුහුණුවරකින් සංවිධානය වීමට පුළුවන. වෙනත් වචනයෙන් නම්, වර්තමානයේ ලෙනින්වාදී මුලික පාඩම නම්, පක්ෂයේ සංවිධානාත්මක ආකෘතියක් නොමැති දේශපාලනය, දේශපාලනයක් නොමැති දේශපාලනය යන්නය. ඉඳින්, ‛නව සමාජ ව්‍යාපාරයක්පමණක් අවශ්‍ය අයට පිළිතුර, ගිරොන්දින් (Jacobin) සම්මුතියකට පැමිණෙන්නන් හට දුන් ජැකෝබින්ලාගේ (Chiapas) පිළිතුර හා සමානය. එනම්, ‛ඔබලාට විප්ලවයක් නොමැති විප්ලවයක් අවශ්‍යයිෟරෑ. වර්තමාන අවරෝධය නම් සමාජ දේශපාලන සටන් සඳහා විවෘත වූ මාර්ග දෙකක් තිබීමය. එනම්, එක්කෝ ආයතන හරහා දීර්ඝ පෙළපාලියක යෙදීමවැනි පවත්නා නීති රීති තුල සිට කීඩාවේ යෙදීමය. නැතිනම් ස්ත්‍රීවාදයේ සිට පරිසර විද්‍යාව තුලින් ප්‍රතිවර්ගවාදය දක්වානව සමාජ ව්‍යාපාරයකට දායක වීමය . එමෙන්ම, මෙම ව්‍යාපාර වල ඇති සීමාව නම් විශ්වීය ඒකභාවී ආකල්පය තුළ දේශපාලනයක් නොමැති වීමය. ඒවා විශ්වීය පරිමාණයක් රහිත ඒක ඵල ව්‍යාපාරයන්ය’, එනම් ඒවා සමාජ සාකල්‍යය හා සම්බන්ධ නොවීමය.

මෙහිදී ලෙනින් විසින් ලිබරල් මතධාරීන්ට කල දෝශාරෝපණය ඉතා වැදගත්ය. ඔවුන් මධ්‍යස්ථ මතදාරීන් හා අනන්‍යාභිමුඛව සිටිමින්, අවසානය දක්වා අනන්‍යවනවා වෙනුවට, අසංතෘප්ත කම්කරු පන්තිය ඔවුන්ගේම තත්වයන් ශක්තිමත් කිරීම සඳහා සුරාකයි. වර්තමාන වාමාංශික නිදහස් මතධාරීන්ගේ ගැටළුවද මෙයම නොවන්නේ ද? ඔවුන් වර්ගවාදය, පරිසරවිද්‍යාව, කම්කරුවන්ගේ ශෝකාලාපයන් අවදි කිරීමට කැමතිය. එමගින් පද්ධතිය අන්තරායට පමුනුවන්නේ නැතිව ඔවුන් මධ්‍යස්ථ මතදාරීන්ගෙන් ධන ලකුණු ලබා ගනී. පිටත මාර්ගයන්හි රැස්ව සිටින පෙළපාලිකරුවන් අරබයා බිල් ක්ලින්ටන් දක්ෂ ලෙස සියැටල් හිදී කල සඳහන සිහිපත් කරන්නග ඔහු ආරක්ෂා සහිතව11 මාළිගා තුළ රැස් වූ නායකයින්ට මතක් කරදුන්නේ විරෝධතාකරුවන්ගේ පණිවිඩයට ඔවුන් ඇහුම්කන් දිය යුතු බවයි, :පණිවිඩය නම්ල ඇත්ත වශයෙන්මල ක්ලින්ටන් අර්තකථනය කළ පරිදි බහුතරයක් වු සාමකාමී විරෝධතාකරුවන් තුළට ප්‍රචණ්ඩත්වය හා ව්‍යාකුලත්වය එන්නත් කරන භයානක අන්තවාදීන්ගේ කඩාකප්පල්කාරී විෂ දළ ඉවත්කිරීම නම් මෙහෙවරයි(Chiapas) සැපටිස්ටාස් (Zapatistas) දක්වා වූ සෑම නව සමාජ ව්‍යාපාරයකටම මේ තත්වය පොදුය. විධිමත් දේශපාලකයින් සෑමවිටම සැබෑ දේශපාලන දළ උගුල්ලන ලද ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීමටසුදානම්ය. පද්ධතිය, නිර්වචනාත්මකව නම්, ක්‍රිස්තියානි ලෝකයට අයත්, විවෘත, ඉවසිලිවන්ත, සැමටම ඇහුම්කම් දීමට සුදානම් එකකි. කවුරුන් හෝ තම ඉල්ලීම් මත බලකර සිටිය ද, ගිවිසගැනීමේ ආකෘතියට විසින්ම ඔවුන්ගේ විශ්වීය දේශපාලන දළ සිදිණු ලැබ ඇත. ඉඳින් ලෙනින් නැවත ගෙන හැර දැක්වීම, ‛ලෙනින් මියගිය බවපිළිගැනීමකි. ඔහුගේ සුවිශේෂී විසඳුම් අසාර්ථක බව, අතිවිශාල ලෙස අසාර්ථක බව පිළිගැනීමයි. නමුත් එහි ආරක්ෂා කර ගැනීමට වටිනා යුතෝපීය ගිණි පුලිඟුවක් ඇත. ලෙනින් නැවත දැක්වීම යනු, කෙනෙකුට ලෙනින් ඵලදායී ලෙස කළ දේ හා ඔහු අනාවරණය කළ ශක්‍යතාවන්ගේ ක්ෂේත්‍රයේ ප්‍රභේදනය හොඳින් පැහැදිලි කර ගැනීමල එමෙන්ම ඔහු ඇත්තෙන්ම ඵලදායී ලෙස කල දෙය හා වෙනත් පැතිකඩක් අතරදී ලෙනින්ට දැණුන ආතතිය වටහා ගැනීමල ලෙනින් තුළ වූ දේ ලෙනින්ට වඩා වැඩි දෙයයනු කුමක්ද යන සියල්ලෙහිම ඓක්‍යයයිග ඉඳින්, ලෙනින් නැවත ගෙන හැර දැක්වීම නම්, ඔහු කළ දේ පිළිබද නැවත පුනරුක්තිය නොව, ඔහු කිරීමට අසමත් වූ දේ සහ ඔහුට මඟ හැරුණ අවස්ථා ගැන නැවත සාකච්ඡා කිරීමය.

 ස්ලෙවෝයි ජිජැක්ගේ „Have Michael Hardt and Antonio Negri rewritten the Communist Manifesto for the twenty first century‟? නම් ලිපියේ පරිවර්තනයයි
මහේෂ් හපුගොඩ

No comments:

Post a Comment