Tuesday, September 4, 2012

පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය -ස්ලේවෝයි ජිජැක්


 
 
ඇමරිකාවේ ධනවත්ම මිනිසා බිල් ගේට්ස් වුයේ කෙසේ ද? ඔහු ධනවත්වීම සහ මයික්‍රෝසොෆ්ට් ආයතනය තත්වයෙන් උසස් මෘදුකාංග එහි තරඟකරුවන්ට සාපේක්ෂව අඩු මිලට සැපයීම හෝ එහි සේවකයින් සාර්ථකව සුරාකෑම අතර සම්බන්දයක් නොමැත. (මයික්‍රෝසෝෆට් ආයතනය එහි බුද්ධිමය සේවකයින්ට සාපේක්‍ෂ ඉහල වැටුපක් ගෙවයි). මිලියන ගණන් ජනයා අදටත් මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග මිල දී ගනුයේ, එම ආයතනය තම මෘදුකාංග මත අන්තර්ජාතික ප්‍රමිතියක්, මාක්ස් සඳහන් කරන පරිදි සාමාන්‍ය බුද්ධියේ’ (ඔහු එය අර්ථ දක්වනුයේ විද්‍යාවේ සිට සාමාන්‍ය දැනීම දක්වා වූ සාමුහික දැනුම එහි සියලු රූපයන්ගේ එකතුවක් ලෙසය) එක් ප්‍රතිමුර්තියක් ලෙස සමස්ථ ක්ෂේත්‍රයම ඒකාධිකාරයකට නතු කරමින් ආරෝපණය කරනා බැවිනි. ගේට්ස් සාමාන්‍ය බුද්ධියේ කොටසක් ප්‍රබල ලෙස පෞද්ගලිකරණය කිරීමෙන් හා එහි බදු මිල අනුයෝජනය (appropriate) කිරීමෙන් ධනවත් විය.

සාමාන්‍ය බුද්ධිය පෞද්ගලිකරණය කිරීමේ හැකියාව මාක්ස් ඔහුගේ ධනවාදය පිළිබඳ ලියවිලි තුල කිසිසේත් කල්පනා නොකල පැතිකඩකි. (ඒ ඔහු විශාල ලෙස එහි සමාජ මිනුම නොසලකා හැරි බැවිනි). නමුත් මෙය වර්තමාන බුද්ධිමය දේපල පිළිබඳ අරගලයෙහි කේන්ද්‍රීය ලක්ෂයේ පිහිටයි. සාමුහික දැනුම සහ සමාජ සහයෝගීතාව මත පදනම් වූ සාමාන්‍ය බුද්ධියේ භූමිකාව, පශ්චාත් කාර්මික ධනවාදය තුල වර්ධනය වන්නා සේ, එහි නිෂ්පාදනය මත කම්කරුවා වැය කළ ශ්‍රමයේ ප්‍රමාණාත්මක අගය තුලින් ධනය රැස්වේ. එහි ප්‍රතිඵලය මාක්ස් අපේක්ෂා කළ ලෙස ධනවාදයේ ස්වයං-නිරුද්ධියක් නොව, දැනුම පෞද්ගලීකරණය කිරීම තුලින් අත් කර ගත් බද්දක් ලෙස ශ්‍රම සුරා කෑමෙන් උත්පාදනය වූ ලාභයේ ක්‍රමික පරිණාමයයි.

ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් ද ඇත්තේ ඊට සමගාමී සත්‍යයකි. එනම්, ලෝකයේ ප්‍රධානතම බදු මුලාශ්‍ර සුරා කෑමයි. කවුරත් මේ බදු මුදල් ලබන්නේ ද පිළිබඳව චිරස්ථායි ගැටළුවක් පවතී. ඒ තුන්වන ලෝකයේ පුරවැසියන් ද? නැතිනම් බටහිර සංයුක්ත මණ්ඩලයක් ද? මාක්ස් ශ්‍රමය (එහි භාවිතය අතිරික්ත අගයක් නිපදවීම) සහ වෙනත් වෙළඳ භාණ්ඩ අතර වෙනස විස්තර කිරීමේ දී තෙල් සාමාන්‍ය වෙළඳ භාණ්ඩයකට උදාහරණයක් ලෙස ගැනීම විවේචනාත්මකය. තෙල් මිලෙහි උච්චාවචනය හා නිෂ්පාදන මිලෙහි උච්චාවචනය හෝ සුරාකෑ ශ්‍රමයේ වටිනාකම සම්බන්ධ කිරීමට දරණ කුමන හෝ උත්සාහයක් අද වන විට නිරර්ථකය. තෙල් සඳහා අප ගෙවන මිලෙහි ප්‍රමාණාත්මක වටිනාකම හා ගත් කල නිෂ්පාදන වියදම නොගිනිය යුතු තරම්ය. එය සම්පත්දායකයන් සීමාසහිත සැපයුම පිළිබඳව ස්තුතිවන්ත වන තරම් අගයකි.

සාමුහික දැනුමෙහි ඝාතීය වර්ධන (exponential growth) බලපෑම ඇති කළ නිෂ්පාදිත වර්ධනයේ ප්‍රතිඵලය විරැකියාවේ භූමිකාව වෙනස් කරයි. එය විරැකියාව බිහි කරන, සේවකයින් තව තවත් ව්‍යර්ථභාවයට (useless) පමුණුවන, ඉතා සුළු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය, ශාපයක් පමණක් වූ ධනවාදයේ සුඛිත සාර්ථකත්වයයි. වෙනත් ආකාරයකින් සරලව ගත් කල, එය දීර්ඝකාලීන රැකියාවක් තුල

සුරාකෑමට ලක්වීමට ඇති හැකියාව, වර්තමානයේ වරප්‍රසාදයක් ලෙස අත්දකිනු ලැබීමකි. ෆ්‍රෙඩ්‍රික් ජෙම්සන් පවසන ආකාරයට, ලෝක වෙළඳපොල යනු, වරක් සැවොම ඵලදායී කම්කරුවකුව සිටි, ශ්‍රමය තම පද්ධතියට පිටින් සැමවිටම තමාටම මිලක් නියම කර ගන්නට යෙදුනු අවකාශයකි. ක්‍රියාත්මකව පවතින ධනවාදී ගෝලීයකරණ ක්‍රියාදාමය තුල, විරැකියාවේ වර්ගය මාක්ස්ගේ සංචිත ශ්‍රම හමුදාවට තවදුරටත් සීමා නොවේ. ජෙම්සන් දක්වන ආකාරයට ඉතිහාසයෙන් හළ (dropped from history) ලොව වටා පවතින පළමු ලෝක ධනවාදයේ නවීකරණ ක්‍රියාදාමයන්ගෙන් (modernized projects) හිතාමතාම ඉවත් කරන ලද, බලාපොරොත්තු රහිත පර්යන්ත අවස්ථා (terminal cases) ලෙස සඳහන් කරනු ලබන විශාල ජනගහනයන්, එකී අසාර්ථක රාජ්‍යයන් (කොංගෝව, සෝමාලියාව) සාගත හෝ පාරිසරික විපත්වල ගොදුරු, ‛ජනවාර්ගික ආවේශයනැමති ව්‍යාජ, යල් පැන ගිය උගුලට හසු වී සිටින්නන්, ජනහිතකාමයේ හා රාජ්‍ය නොවන සංවිධාන වල ගොදුරු, හෝ ත්‍රස්තවාදී අරගල වල ඉලක්ක ද එම ප්‍රභේදයටම ඇතුලත් වේ. රැකියා වියුක්ත වර්ගය, තාවකාලික රැකියා වියුක්ත, තවදුරටත් රැකියාවේ යෙදවීමට නොහැකි සහ ස්ථීර ලෙසම රැකියා විරහිත ප්‍රභේදයේ සිට ජනාවාස (ගුබ්බෑයම්) සහ මුඩුක්කුවාසීන් (මාක්ස් සෑමවිටම ලුම්පන් නිර්ධනීන්ලෙස නිෂ්ප්‍රභ කරන ලද්දවූන්) සහ අවසාන ලෙස ගෝලීය ධනවාදී ක්‍රියාදාමයෙන් ඉවත් කරන ලද සමස්ථ ජනගහනය සහ රාජ්‍යයන් (පැරණි සිතියම් වල අඳුරු අවකාශ මෙන්) ලෙස විශාල ජන ගංගාවක් වටා ව්‍යාප්තව ඇත.

ධනවාදයේ මෙම නව මුහුණුවර විමුක්තිය සඳහා නව ශක්‍යතාවන් සපයන බව සමහරු පවසති. කෙසේ නමුත්, මෙය ධනවාදයේ හිස ගසා දැමූ කල සමාජවාදය බිහිවන බව කියූ මාක්ස් විප්ලවීයකරණය කරන හාර්ඩ් සහ නෙග්‍රි (Hard and Negri) ගේ Multitude’ නම් නිබන්ධනයේ මූලික තීසිසයයි. ඔවුන්ගේ විග්‍රහයට අනුව මාක්ස්ට ඓතිහාසික සීමාකම් විය: ඔහු කේන්ද්‍රීයකරණ, ස්වයංක්‍රීය, සහ ධූරාවලි ක්‍රමිකව ගොඩනැංවූ කාර්මික ශ්‍රමය යන න්‍යායන්ට අනුව සිතුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සාමාන්‍ය බුද්ධිය’(සාමුහික බුද්ධිය) යනු මධ්‍යම සැලසුම්කරණ ඒජන්සියක්ලෙස තවදුරටත් අවබෝධ කර ගත්තේය. වර්තමානයේ අද්‍රව්‍ය ශ්‍රමයේපිබිදීමත් සමඟ පෙරලිකාර ප්‍රත්‍යාවර්තනය වාස්තවික ශක්‍යතාවක්බවට පත්ව ඇත. මෙම අද්‍රව්‍ය ශ්‍රමය ධ්‍රුව දෙකක් අතර විස්තාපනය වේ. එනම් බුද්ධිමය ශ්‍රමයේ සිට (අදහස්, ලේඛන, පරිගණක වැඩසටහන් ආදියේ උත්පාදනය) ක්‍රියාකාරී ශ්‍රමය දක්වාය (වෛද්‍යවරු, ළදරුවන් බලාගන්නන්, ගුවන් සේවිකාවන්) මාක්ස් පැවසූ දහනම වන සියවසේ ධනවාදයේ දැවැන්ත කාර්මික නිෂ්පාදන අර්ථයෙන් ගතහොත් වර්තමානයේ අද්‍රව්‍ය ශ්‍රමයද හෙජමොනික යග එසේ හෙජමොනික වන්නේ සංඛ්‍යාත්මක නොව සංකේතීය ව්‍යුහාත්මක භූමිකාව නම් යතුර අතැති නිසාය. එයින් ඉස්මතු වනුයේ පොදුනැමති සභාග දැනුමෙන්, නව සන්නිවේදන විධින්ගෙන් හා සහයෝගීතාවයෙන් අනුන පුළුල් නව රාජ්‍ය විෂයකි. අද්‍රව්‍ය උත්පාදනයේ නිෂ්පාදිතය යනු විෂයයක් නොව සමාජ සහ අන්තර්-පුද්ගල සම්බන්ධතාය. එනම්, අද්‍රව්‍ය නිෂ්පාදනය යනු ජෛව-දේශපාලන, සමාජීය දිවියේ උත්පාදනයයි.

හාර්ඩ් සහ නෙග්‍රි මෙහි දී විස්තර කරනුයේ, වර්තමාන පශ්චාත් නූතන ධනවාදයේ විඥානවාදීන් ද්‍රව්‍යමය නිෂ්පාදනයේ සිට සංකේතාත්මක නිෂ්පාදනය දක්වා, කේන්ද්‍රීය ක්‍රමික න්‍යායේ සිට ස්වයං-සංවිධානාත්මක න්‍යාය සහ බහු කේන්ද්‍රීක සහ-සම්බන්ධතා දක්වා ඇති මාර්ගය වර්ණනා කරන බවය.

වෙනස නම් හාර්ඩ් සහ නෙග්‍රි මාක්ස්ට භක්තිවන්ත වීමය. ඔවුන් උත්සාහ කරනුයේ ඔහුගේ නිරවද්‍යභාවය සනාත කිරීමටය. එනම් සාමාන්‍ය බුද්ධියේ පිබිදීම ධනවාදය සමඟ දීර්ඝකාලීන එකඟතාවයක සිටිනා බවය. පශ්චාත් නුතන ධනවාදයේ විඥානවාදීන් දරනුයේ මීට එකහෙලාම ප්‍රතිවිරුද්ධ මතයකි. එහි දී ඔවුන් තර්ක කරනුයේ, මාක්ස්වාදී න්‍යාය රඳා පවතිනුයේ, කේන්ද්‍රීය රාජ්‍ය පාලනයේ ක්‍රමික න්‍යාය සංරෝධය තුල බවත්, එම නිසා තොරතුරු විප්ලවයේ සමාජ බලපෑම හා පොර බැඳීමට නොහැකි බවටත් ය. මෙම තර්කයට පිලිගත හැකි අනූභූතික හේතූන් ඇත. තොරතුරු විප්ලවය මගින් ශක්තිමත් කරනු ලබන නව සමාජ න්‍යායට සහාය දීමට තිබූ නොහැකියාව කොමියුනිස්ට් පක්ෂය ප්‍රබල ලෙස විනාශයට ඇද දැමීය. ඔවුන් විප්ලවය සියතට ගැනීමටත්, එය තවත් එක් මහා පරිමාණ කේන්ද්‍රීය රාජ්‍ය ක්‍රම සම්පාදන ව්‍යාපෘතියක් ලෙස හුවා දැක්වීමටත් උත්සාහ දැරීය. විරුද්ධාභාෂය නම්, හාර්ඩ් සහ නෙග්‍රී ඉදිරිපත් කරනු ලබන ධනවාදය ජය ගැනීමේ අනුපම අවස්ථාව, තොරතුරු විප්ලවයේ විඥානවාදීන් විසින් හුවා දක්වන නව ඝට්ඨනරහිත’ (frictionless) ධනවාදයේ පිබිදීමයි.

හාර්ඩ්ට් සහ නෙග්‍රිගේ විෂ්ලේෂණයේ ද දුර්වලතා නැත්තේ නොවේ. ඒවා අප අභාවිත ලෙස සැලකූ නව උත්පාදන ආයතනයක් වන්නට තිබූ ධනවාදය කෙසේ නොනැසී පැවතුනාදැයි පෙන්වා නොදෙයි. අද වන විට, ධනවාදය කෙතරම් දුරට සාමාන්‍ය බුද්ධිය පෞද්ගලිකරණය කළා ද යන්න මෙන්ම, බුර්ෂුවා සේවකයින්ටත් වඩා සාමාන්‍ය සේවකයින් කෙතරම් දුරට තමා විසින්ම නිරර්ථකභාවයට පත්වෙමින් සිටින්නේ ද යන්න ඔවුන් ලඝු කොට සැලකූහ. (එනම් විශාල වශයෙන් තාවකාලික රැකියා වියුක්තභාවයට පත්වනවා පමණක් නොව ඔවුන් ව්‍යුහමය ලෙස සේවයේ යෙදවිය නොහැකි තත්වයට (unemployable) පත් වෙමින් පවතී.)

පැරණි ධනවාදය, පරමාදර්ශීය ලෙස තමා සංවිධානය කල සහ පවත්වාගෙන ගිය උත්පාදනයට මුදල් ආයෝජනය (තමාගේම හෝ ලබාගත්) කරනු ලබන ව්‍යවසායකයා හා සම්බන්ධ වුවා නම්, හෝ එහි ලාභය නෙලාගත්තේ නම්, අද වන විට නව පරමාදර්ශයක් බිහිවෙමින් ඇත. ආයතනයට හිමිකම් කියන ව්‍යවසායකයා තවදුරටත් වලංගු නොවන නමුත් එම හිස්තැන පිරවීමට ප්‍රවීණ කළමනාකාරවරයෙක් (ප්‍රධාන විධායකය මගින් මුලසුන දැරීමට සැලැස්වූ කළමනාකරණ මඩුල්ලක්) හෝ බැංකුවට අයත් ආයතනය පවත්වා ගෙන යන ආයෝජකයින් හෝ විසුරුවා හරින ලද ආයෝජකයින් කරලියට පැමිණෙනු ඇත. මෙම නව පරමාදර්ශී ධනවාදය තුළ අක්‍රීය යැයි නොසලකා හරින ලද පැරණි බුර්ෂුවා පන්තිය, පඩි ලබන කලමනාකාරීත්වය ලෙස නැවත කාර්යබද්ධ කර ඇත. නව බුර්ෂුවා පන්තියේ සාමාජිකයින් වේතන ලබයි. තව ද ඔවුන් ආයතනයේ කොටසකට ද හිමිකම් කියයි. ඔවුන්ගේ අර්ථලාභයෙන් කොටසක් ලෙස (ඔවුන්ගේ සාර්ථකත්වයසඳහා ව්‍යාපාරය’) ව්‍යාපාර වස්තු උපයයි.

මෙම නව බුර්ෂුවා පන්තිය තවමත් අතිරික්ත අගය විසර්ජනය කරයි. නමුත් අතිරික්ත වේතනයලෙස හැඳින්වූ ව්‍යාකූල කරන ලද ආකෘතිය තුල ඔවුන් නිර්ධන පන්තික අවම වේතනයටවඩා වැඩියෙන් ගෙවීමට ලක්විය. (සැමවිටම මිත්‍යා නිර්දේශයක් වු මෙයට ගෝලීය ආර්ථිකය තුල දැනට පවතින සත්‍ය සහ එකම ආදර්ශය වන්නේ චීනයේ සහ ඉන්දුනිසීයාවේ වැඩපල සේවකයින්ය). එමෙන්ම, සාමාන්‍ය නිර්ධන පාන්තිකයින්ගේ තත්වය නිශ්චය කරනා මිනුම ද මෙය වේ. එහෙයින්, තියුණු අවබෝධයක් තුල වුව ද බුර්ෂුවා පන්තිය වියැකීමට නැඹුරුවන අතර ධනවාදීන් පඩි ලබන සේවකයින් ලෙස හා තම හැකියාවෙන් ඉපයීමට අවස්ථාව ලත් කලමනාකරුවන් ලෙස නැවත කරලියට පැමිණේ. (ව්‍යාජ විද්‍යාත්මක පිබිදීමක් අත්‍යාවශ්‍ය වන්නේ එය විෂමතා සුජාත කරන බැවිනි). කළමනාකරුවන්ට සීමා නොවී ඉන් ඔබ්බට යමින් අතිරික්ත වේතනයක් උපයන සේවකයින්ගේ ප්‍රවර්ගය ප්‍රවීන පොදු සේවකයින්, වෛද්‍යවරුන්, නිතීඥවරුන්, මාධ්‍යවේදීන්, පාලකයින්, බුද්ධිමතුන් හා කලාකරුවන් දක්වා විහිදී යයි. මෙම අතිරික්තය ආකාර දෙකකින් සමන්චිතය. එනම්, වැඩිපුර මුදල් (කලමනාකරුවන් සඳහා) සහ අඩු කාර්යය හා වැඩි විවේකී කාලය ලෙසිනි (සමහර බුද්ධිමතුන්, රාජ්‍ය පාලකයින් සඳහා).

සේවකයින් ලබන අතිරික්ත වේතනය තීරණය කරනු ලබන ඇගයීමෙ ක්‍රියාපටිපාටිය, සැබෑ හැකියාව හා ගැලපීමක් නොමැති, බලය හා විඥානය පිළිබඳ වූ අන්තනෝමතික යාන්ත්‍රනයකි. අතිරික්ත වේතනය තීරණය වනුයේ ආර්ථික හේතූන් සඳහා නොව දේශපාලන හේතූන් සඳහාය. එනම්, සමාජ ස්ථාවරත්වය හේතු කර ගත් මධ්‍යම පන්තියක්පවත්වාගෙන යාමටය. සමාජ ධුරාවලියේ අන්තනෝමතිකභාවය අත්වැරදීමක් නොවන නමුත්, ඇගයීම පිළිබඳ අන්තනෝමතිකභාවය, වෙළඳපොල සාර්ථකත්වයේ අන්තනෝමතිකභාවය පිළිබඳ සමකාර්ය භුමිකාවක් නිරූපනය කරයි. ප්‍රචන්ඩත්වය අනතුරු අඟවනුයේ සමාජ අවකාශයේ අවිනිශ්චිතභාවය අධික අවස්ථා වල නොව, එකී අවිනිශ්චිතභාවය තුරන් කිරීමට යමෙක් උත්සාහ දරන අවස්ථාවේදීය. ජින් පියරේ ඩුපුයි (Jean-Pierre Dupuy) La Marque du sacre  හි එත්තු ගන්වනුයේ ධුරාවලිය යනු ක්‍රියාපටිපාටීන් හතරක එකක් ලෙසය. එහි කාර්යය වනුයේ උසස් බව හා ඇති සම්බන්ධතාවය උපහාසාත්මක නොවන ලෙස පවත්වාගෙන යෑමයි. ධුරාවලිය (hierarchy) (එය මට මගේ සහජ අගයේ නිදහසක් ලෙස පහළ සමාජ තත්වයන් අත්දැකීමට ඉඩදෙන බාහිර වශයෙන් ආරෝපනය කළ න්‍යායකි). අභිරහස්හරනය de-mysatisfaction (කෙනෙකුගේ සමාජතත්වයේ උසස් බව ඔහුගේ සුදුසුකම් සහ ජයග්‍රහනයන්ට හේතුවේ යන වේදනාත්මක නිගමනය මට මඟ හැරීමට ඉඩ නොදෙන, සමාජය යහපත් ආයතනයක් නොව, පරිකල්පනීය සමාජ අරගලයේ නිමැවුමක් ලෙස හුවා දක්වන විඥානමය න්‍යායකි) ආපතිකතාවය (contingency) (ඊට සමානකම් කියන යාන්ත්‍රනයකි: සමාජයේ අපට හිමි ස්ථානය ස්වභාවික හා සමාජ ලොතරැයියකට අනුව තීරණය වන බව: එනම් කෙනෙක් වාසනාවන්තයෙකු වනුයේ ඔහු නිවැරදි ජාන සමඟ ධනවත් පවුලකට දාව ඉපදුනොත් පමණක් බව අවබෝධ කර දෙන යාන්ත්‍රනයකි) සහ සංකීර්ණතාව (complexity) (පාලනය කල නොහැකි බලවේගයන් තුලින් භවකතනය කල නොහැකි ප්‍රතිවිපාක ගෙනෙන බව, උදාහරණයක් ලෙස, වෙළඳපොලේ අදෘශ්‍යමාන හස්තය, මම වඩාත් බුද්ධිමත් හා කාර්යක්ෂම වුව ද, මගේ පරාජය හා මගේ අසල්වැසියාගේ සාර්ථකත්වය ගෙනෙන බව), දෘශ්‍යමාන මුහුණුවරට ප්‍රතිවිරුද්ධව, මෙම යාන්ත්‍රනයන් ධුරාවලිය හා සටන් කරන්නේ හෝ තර්ජනයක් වන්නේ නැත. නමුත් එය සිත්ගන්නා සුළු යි. ඊර්ෂියාවේ ආරවුල පුපුරවනුයේ අනෙකා ඔහුගේ / ඇයගේ වාසනාවට හිමිකමි දරයි යන අදහසින් මිස එහි ප්‍රතිවිරුද්ධ එමෙන්ම විවෘතව ප්‍රකාශ කල හැකි එකම අදහසින් නොවේ. ප්‍රතිවිරුද්ධතාවයන් ගෙන් නිදහස් වුවක් යැයි සමාජය තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්නවා යැයි සිතීම විශාල අත්වැරැද්දක් බව ඔහුගේ අවසාන නිගමනයෙන් පෙන්වා දෙයි. එම ප්‍රත්‍යනීකයට අනුව, මෙම තත්වය දැකිය හැක්කේ, දුර්වල තත්වයන් යටතේ සේවය කරන්නවුන් තම තුවාල වුණු මානය සාහසික ප්‍රතිවිරෝධයක් ලෙස ප්‍රකාශ කරන සමාජයක් තුල ය.

මීට සම්බන්ධව, ඩෙන් ෂියාවෝ පෙන් ගේ ප්‍රතිසංස්කරණයන්ගේ එකම පරමාර්ථය වූ බුර්ෂුවා පන්තියක් රහිත ධනවාදය හඳුන්වා දීම (එමගින් නව පාලන පන්තියක් හඳුන්වා දෙන බැවිනි) ක්‍රියාත්මකව පවතින චීනයේ වර්තමාන අවුල් සහගත මුහුණුවර උදාහරණයට ගත හැකිය. කෙසේ නමුත් අද වන විට චීන පාලකයින් ස්ථිාපිත ධුරාවලියක් රහිත ධනවාදය, ස්ථාවර අස්ථාවරත්වයක් ගොඩ නගන බුර්ෂුවා සමාජයේ පැවැත්ම ශක්තිමත් කරන බව සොයා ගෙන ඇත. ඉඳින්, චීනය කුමන මගක් තෝරා ගනිවිද? පෙර කොමියුනිස්ට්වාදීන් ධනවාදයේ කාර්යක්ෂම කලමනාකරුවන් ලෙස පිබිදෙනුයේ වර්තමාන ධනවාදයට මනාව ගැලපෙන බුර්ෂුවා පන්තිය කෙරෙහි ඔවුන්ගේ ඇති පැරණි වෛරය හේතුවෙනි. මෙම අවස්ථා දෙකෙහිදීම, කලකට ඉහත දී ස්ටාලින් පවසනුයේ සේවකයන් සියල්ල තීරණය කරනාබවයි. (එය චීනය හා රුසියාව අතර සිත්ගන්නා වෙනස්කමකි. රුසියාවේ විශ්වවිද්‍යාල ගුරුවරුන් හාස්‍යජනක ලෙස අඩු වැටුප් ලබන අතර ඇත්ත වශයෙන් ඔවුන් දැනටමත් පීඩිත පන්තියේ කොටසක් බවට පත්ව ඇත. නමුත් මේ අතර චීනයේ දී ප්‍රමාණාත්මක අතිරික්ත චේතනයකින් ඔවුන්ගේ කීකරුභාවය සනාත කර ඇත.)

අතිරික්ත චේතනය පිලිබඳ සංකල්පය ප්‍රති-ධනවාදීවිරෝධයට නව එලියක් එක කරයි. අර්බුධ කාලයන්හි දී පටි තද කරන්නවුන්සඳහා ඉදිරිපත් වුවන් බුර්ෂුවා පන්තියේ පහළ මට්ටමේ වේතන ලබන්නවුන්ය. ඔවුන් පීඩිත පන්තියට එක්වීම වැලැක්වීමට නම්, දේශපාලන එදිරිවාදය ඒ සඳහා වූ එකම උපක්‍රමය විය. ඔවුන්ගේ විරුද්ධත්වය සාමාන්‍යයෙන් යොමු වුයේ වෙළඳපොලේ කෲර නියමයට එදිරිව වුව ද, ඔවුන් ඔවුන්ගේ වරප්‍රසාදලත් ආර්ථික තත්වයේ ක්‍රමික ඛාදනයට එරෙහිව ද ක්‍රියාකාරී ලෙස සටන් වැදුනි. Atlas shrugged  හී Ayn Rand සිත්ගන්නා සුළු නිර්මානාත්මක ධනවාදියා පිළිබඳ සිහිනයක් දකී. එය, වර්තමාන පඩි ලබන බුර්ෂුවා පන්තිකයින්ගේ අතිරික්ත වේතනය අහිමිවීමේ බියෙන් වැඩවර්ජනය කිරීමට පෙළඹෙන සහ එම ක්‍රියාදාමයේ අවවර්තිකයන් දකිනා සිහිනයකි. මේවා පීඩිත පාන්තික විරෝධතා නොව, තනිකරම පීඩිත පන්තිය දක්වා පල්ලම් බැසීමට ඇති ඉඩකඩට විරුද්ධව නැගෙන විරෝධතාවයන්ය. ස්ථිර රැකියාවක් හිමිවීම ම වරප්‍රසාදයක් වූ වර්තමානයේ වැඩවර්ජන කිරීමට පෙළඹෙන්නෝ කවුරුන් ද? ඒනම් ඇඟළුම් ක්ෂ්‍රේත්‍රයේ අඩු ආදයම්ලාභී ශ්‍රමිකයන් නොව, වරප්‍රසාද සහිත, ස්ථිර රැකියා ඇති සේවකයින්මය. (ගුරුවරු, පොදු ප්‍රවාහන සේවකයින්, පොලිස්) මෙය උසස් අධ්‍යාපනය අනාගතයේ දී තවදුරටත් අතිරික්ත වේතනයක් සහතික නොකරවි යන බියෙන් හටගන්නා ශිෂ්‍ය විරෝධයන්හි එක් රුකුල් පැතිකඩකි.

මීට සමගාමීව, පසුගිය වර්ෂය පුරාවටම අරාබියේ සිට බටහිර යුරෝපය දක්වා, චීන මහා ප්‍රාකාරයේ සිට ස්පාඤ්ඤය සහ ග්‍රීසිය දක්වා ද ඇති වූ මහා පරිමාන විරෝධතා රැල්ල පඩිලබන බුර්ෂුවා පන්තියේ තවත් එක් විරෝධතා රැලියක් ලෙස ලඝු නොකල යුතුය. සෑම සිද්ධියක්ම ඒවායේ පදනම මත සිට විශ්ලේෂණය කළ යුතුය. එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැගුන ශිෂ්‍ය විරෝධය විනාශයේ පරිභෝජන සැනකෙලියක් වූව ද, නෙරපා දැමුවන්ගේ ආන්දෝලනයක් වු අගෝස්තු රැලියට හාත්පසින්ම වෙනස් වේ. ඊජිප්තුවේ පිබිදීම පඩිලබන බුර්ෂුවා පන්තියේ අරගලයේ කොටසක් ලෙස ආරම්භ වුවා යැයි කෙනෙක්ට තර්ක කල හැකිය (උගත් තරුණියන්ගේ අපේක්‍ෂාභංගත්වය පිළිබඳ විරෝධාකල්පය)ග නමුත් මෙය පීඩා ගෙන දෙන ආධිපත්‍යයට විරුද්ධව පැන නැගී විශාල විරෝධතාවයේ එක් පැතිකඩක් පමණි. අනෙක් අතට විරෝධතාවය දුප්පත් සේවකයා සහ වැවිලිකරුවා සත්‍ය ලෙසම ජයග්‍රහනය නොකලෝය. තව ද ඉස්ලාම් ජන්ද ජයග්‍රහනය සැබෑ ලෞකික විරෝධයේ පටු සමාජ පදනම මොනවට පැහැදිලි කරයි. ග්‍රීසියේ තත්වය විශේෂය. නව පඩි ලබන බුර්ෂුවා පන්තියක් (විශේෂයෙන් අධික ලෙස විස්තාපනය වූ රාජ්‍ය අධිකාරය තුළ) යුරෝපා හවුලේ මුල්‍ය ආධාරවලට ස්තුතිවන්තවන්නට බිහිවිය. විරෝධතාකරුවන් විශාල වශයෙන් පොළඹවනු ලැබුයේ මෙහි විසඳුමක් රහිත අවසානය පිළිබඳ අනතුරු ඇඟවීමෙනි.

අඩු ආදායම්ලාභී බුර්ෂුවා පන්තියේ පීඩිත පන්තිකරණය ප්‍රතිවිරුද්ධ අන්තයේ දී අතාර්කික ලෙස ඉහල පාරිතෝසිතයේ උසස් කලමනාකරුවන් හා බැංකුකරුවන් විසින් ගලපනු ලබයි. (අතාර්කික නමුත් එක්සත් ජනපද සමීක්‍ෂණවලට අනුව එය ආයතනයේ සාර්ථකත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ). විවේචනය, සදාචාරකරණය කිරීමේ පෙළඹවීම්වලට නතුවනවා වෙනුවට, අප එය ධනවාදී පද්ධතිය ස්වයං-විධිමත් ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට තවදුරටත් නොහැකිවීමේ නිමිති ලෙස තේරුම් ගත යුතුය. වෙනත් වචනයෙන් කීවොත්, එය පාලනයකින් තොරවීමේ බිය ජනනය කරයි.

ස්ලේවෝයි ජිජැක්ගේ  The revolt of the salaries bourgeoisie ලිපියේ පරිවර්තනය යි.

මහේෂ් හපුගොඩ

12 comments:

  1. වර්ථමාන පශ්චාත් නූතනවාදී රාමුව තුළ තව තවත් අඝාධය කරා පටලැවෙමින් ජීවත් වන සාමාන්‍ය ජනයාගේ ඛේදවාචකය, පාලක හෙජමනියේ හස්තයෙන් කවදා නිදහස් වේද? නූතන ප්‍රජාතන්ත්‍රය මුවාවෙන් පෙනී සිටින පාලකයින්ගේ හෙජමොනික මායා දැලෙන් මිදී,තම අරගල  දිනා  ගැනීමට  අවශ්‍ය  මනුෂ්‍ය චින්තනයේ නිම් වළලු පුලුල් කිරීමේ බලය ඇති, මෙවන් යාවත්කාලීන දාර්ශනිකයින්ගේ ලිපි තවත් අප අතරට පත් වේවා...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නිවැරදිව ජිජැක් කියවන අයගේ වැරදි පරිවර්තන.


    ලිපියේ මුල් ඡේද කිහිපයෙහි ඇති පරිවර්තන දෝෂ මෙසේ සටහන් කරමි. අනෙකුත් ඒවා කියවීමට කම්මැලිය.


    මෙම ලිපිය දැනට කලකට ඉහත මා විසින් ඉංග්‍රීසි බසින් කියවා ඇත. මෙම ලිපියෙහි මූලිකම පරිවර්තන දෝෂන් දෙකක් හේතුවෙන් එහි අර්ථයට විශාල හානියක් සිදු වී ඇත. ඒවායින් කිහිපයක් පිලිවෙලින් සඳහන් කරමි. මෙහිදී මුලින් මහේෂ් හපුගොදගේ පරිවර්තනයද, ඉන් පසුව ජිජැක්ගේ ලිපියේ ඉංග්‍රීසි කොටසද, ඉන් පසු මගේ පරිවර්තනය සහ පැහැදිලි කිරීමද ඉදිරිපත් කරමි.


    1.එහි ප්‍රතිඵලය මාක්ස් අපේක්ෂා කළ ලෙස ධනවාදයේ ස්වයං-නිරුද්ධියක් නොව, දැනුම පෞද්ගලීකරණය කිරීම තුලින් අත් කර ගත් බද්දක් ලෙස ශ්‍රම සුරා කෑමෙන් උත්පාදනය වූ ලාභයේ ක්‍රමික පරිණාමයයි.

    The result is not, as Marx seems to have expected, the self-dissolution of capitalism, but the gradual transformation of the profit generated by the exploitation of labour into rent appropriated through the privatisation of knowledge.

    ප්‍රථිපලය මාක්ස් බලාපොරොත්තු වූ ආකාරයේ ධනවාදයේ ස්වයං-නිරුද්ධියක් නොවන මුත් ශ්‍රම සූරාකෑම මගින් උපදවන ලද ලාභය, දැනුම පුද්ගලීකරණය තුලින් අයත්කරගන්නා ලද බද්ද බව‍ට ක්‍රමික රූපන්තරණයයි.

    ***මෙහිදී ජිජැක් අදහස් කරන දෙය මහේෂ්ගේ පරිවර්තනය තුලින් හැඟවුම්කරණය නොවේ. ඔහුගේ පරිවර්තනයේ අදහස නම් දැනුම පුද්ගලීකරණය කිරීම තුලින් අත්කරගත් බද්දක් ලෙස ශ්‍රමය සූරකමෙන් උත්පාදනය වූ ලාභය ක්‍රමිකව පරිනාමය වූ බවයි. නමුත් එම ලිප්යෙහි අදහස වන්නේ මාක්ස් සඳහන් කල ශ්‍රම සූරාකෑම මගින් උපදවන ලද "ලාභය" යන්න මේ වන විට දැනුම පුද්ගලීකරණය තුලින් අත්කරගන්නා බද්ද බව‍ට පත්වී ඇති බවය.

    2.ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් ද ඇත්තේ ඊට සමගාමී සත්‍යයකි. එනම්, ලෝකයේ ප්‍රධානතම බදු මුලාශ්‍ර සුරා කෑමයි.

    The same is true of natural resources, the exploitation of which is one of the world’s main sources of rent.

    සොභාවික සම්පත් පිලිබඳ සත්‍යද එයමය. එනම් සොභාවික සම්පත් සූරාකෑම වනාහි ලෝකයේ බද්ද උත්පාදනය කිරීමේ ප්‍රධාන අකාරයන්ගෙන් එකකි.

    *** මෙහිදී මහේෂ් විසින් "ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් ද ඇත්තේ ඊට සමගාමී සත්‍යයකි" යන්න සමග ඔහුගේ දෙවන වාක්‍ය වන "එනම්, ලෝකයේ ප්‍රධානතම බදු මුලාශ්‍ර සුරා කෑමයි." යන්න සමග කිසිඳු සම්බන්දයක් නොමැත. එනම් පරිසරය සූරාකෑම පුලිබඳ අදහසක් ඉන් ජනිත නොවේ. ඔහු එහිදී සඳහන් කරන සූරාකෑම සාමාන්‍ය සූරාකෑමයි. ( එනම් මාක්ස්ගේ සූරකාමය. ) මේ හේතුවෙන් ලිපිය පුරාවටම මෙය පදනම් කරගනිමින් ගොඩනගන ජිජැක්ගේ අදහස සම්පූර්ණයෙන් විකුර්ති වී ඇත. ජිජැක්ගේ එම වාක්‍යයේ ඇත්තේ මහේෂ්ගේ පරිවර්තනයේ ඇති අදහසද?

    3.තෙල් සඳහා අප ගෙවන මිලෙහි ප්‍රමාණාත්මක වටිනාකම හා ගත් කල නිෂ්පාදන වියදම නොගිනිය යුතු තරම්ය. එය සම්පත්දායකයන් සීමාසහිත සැපයුම පිළිබඳව ස්තුතිවන්ත වන තරම් අගයකි.

    Any attempt now to link the rise and fall in the price of oil to the rise or fall in production costs or the price of exploited labour would be meaningless: production costs are negligible as a proportion of the price we pay for oil, a price which is really the rent the resource’s owners can command thanks to its limited supply.

    අප තෙල් සඳහා ගෙවන මිලෙහි සමානුපතයක් ලෙස එහි නිෂ්පාදන වියදම් නොගෙනිය හැකි තරම්ය. එවන් මුදලක් සත්‍ය ලෙසම බද්දක් වන්නේ එම සම්පත්හි හිමිකරුවන් හට ඒවායෙහි සීමා සහිත සැපයුමට ස්තුති කල හැකි පරිද්දෙනි.



    4. සාමුහික දැනුමෙහි ඝාතීය වර්ධන (exponential growth) බලපෑම ඇති කළ නිෂ්පාදිත වර්ධනයේ ප්‍රතිඵලය විරැකියාවේ භූමිකාව වෙනස් කරයි.

    A consequence of the rise in productivity brought about by the exponentially growing impact of collective knowledge is a change in the role of unemployment.

    සාමුහික දැනුමෙහි ඝාතීය වර්ධනීය ගට්ටනය විසින් ඵලදායිතාවය තුල ( ඵලදායිතාවයෙන් ) ඉහල නැගීමෙහි සංවිපාකයක් පමුණුවන ලද වීම විරැකියාවේ භූමිකාව වෙනස් කරයි.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හි!!! හි!!! හි!!! මේ ගෑනි දාපු කොමෙන්ට් එකෙන්ම පේනවා එයා හොඳට ලිපිය තේරුම් අරන් කියලා...... ඔව් ඔව් පඩි වැඩි කරගන්න ඕන නේ.... බදු ලාභ කරගන්නත් ඕන.....ලොකු ගෙවල් හදන්න ඕන, කාර් ගන්න ඕන, ළමයි ඉන්ටෙර්නැෂනල් ඉස්කෝල වල යවන්න ඕන, ඊට පස්සේ රට යවන්න ඕන, තව කොච්චර නම් දේවල් තියද. ඒ වගේම නිර්ධන පන්තියේ අයගේ, මෝටර් සයිකලේ තියන එකා ත්‍රීවීලර් එකක් ගන්න ඕන, උගේ ගෙදර ටයිල්ස් අල්ලගන්න ඕන, දුවගේ කොටහළු මගුල ජයට ගන්න ඕන, ඊට පස්සේ තමන්ගේ ළමය ලොකු උනාම කාර් ගන්න, ලොකු ගෙවල් හදන්න වගේ වඩාත් තියනවා නේ. ඒක නිසා මේ පාලකය ගෙදර යවල වෙන කෙනෙක් ගේනවා. ඊට පස්සේ එයත් ගෙදර යවනවා. අපහු ඒකම කරනවා..... අද මේ රටේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවලට තියන මතය තමයි පාලකය එක්ක හැප්පෙන එක. මහේෂ් හපුගොදගේ ගුරුවරයා වන දීප්ති උනත් එහෙමයි. එයා කියන්නේ මේ කාලේ ඉන්න පාලකය එක්ක හැප්පෙන්න බැරි නිසා වෙන කෙනෙක් එනකම් ( රනිල් ) ඉන්න ඕන කියල. දේශපාලනය කියල දන්නේ ලෙනින් කරපු විදිය විතරමයි. අපගේ පරම හතුරා වන්නේ මේ රටේ ඉන්න මිනිස්සු සහ ගැහැණු මිස වෙන කවුරුන්ද? අපේ සටන ඇරඹිය යුත්තේ ඔවුනට එරෙහිව මිස සොයා ගත නොහැකි පාලකයෙකුට එරෙහිව නොවේ. සාර් රජ්ජුරුවෝ තාම ඉන්නවද? කොහේ ඉන්න පාලකයෙක්ද මන්ද?

    ReplyDelete
  6. Privatization of the "General Intellect"
    Slavoj Žižek, First as Tragedy, then as Farce (London: Verso, 2009), pp. 145-147:
    To grasp these new forms of privatization, we need to critically transform Marx's conceptual apparatus. Because he neglected the social dimension of the "general intellect," Marx failed to envisage the possibility of the privatization of the "general intellect" itself--and this is what lies at the core of the struggle over "intellectual property." Negri is right on this point: within this framework, exploitation in the classical Marxist sense is no longer possible, which is why it has to be enforced more and more by direct legal measures, that is, by non-economic means. This is why, today, exploitation increasingly takes the form of rent:

    ReplyDelete
  7. Slavoj Zisek ශ්‍රීලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරයි.
    By Gode Baiya

    http://www.facebook.com/groups/slpolitics/doc/424626150918179/

    ReplyDelete
  8. ගොඩේ අයියලා කියල තමුන්ගෙ නිරුවත හංගාගෙන කතා කරන ඔය "අයියාට" යමක් පැහැදිලි කළ යුතුයි. තමුන් ප්‍රකාශ කරන පරිදි පරිවර්තන දෝෂ හා වාක්ය ගැලපුම් පිළිබඳ යම් යම් දෝෂ ඇතැයි මමද පිළිගනිමි. නමුත් වඞාත් වැදගත් වනුයේ යම් ලිපියකින් හෝ එහි පරිවර්තනයෙන් දෙන සමස්ත පණිවුඩය කුමක්ද යන්නත්, ලිපියකින් හෝ පරිවර්තනයකින් පාඨකයාට එය අවබෝධ කරගත හැකිද යන්නත්ය. මේ පිළිබඳ වචනයකුදු සඳහනක් නොකරන "අයියාට"ම ලිපියේ පරමාර්ථය අවබෝධ වී නැතැයි පෙනේ. ඒ පිළිබඳව මම කණගාටු වෙමි. තවත් කියනවානම්, එම දොස්, ලිපිය මඟින් බලාපොරොත්තු වන චින්තන දිශානුතකරකරණයට බාධාවක් වී නැති බව මගේ අදහසයි. බුද්ධිමත් හා විවෘත මනසින් ලිපිය කියවන ඕනෑම අයෙක් එය අනුමත කරාවි.

    "අයියා" හඟවන ආකාරයට ආචාර්යවරු හැටියට අපේ අරගලය හුදු පාරිභෝගිකත්වයට යටත්ව, පරිභෝගික ද්‍රව්ය හා සේවාවන් රැස්කිරීමේ කෑදරකමින් පඩි වැඩි කරගන්නට කරන පටු අරගලයක් නොවේ. එය ඊට වඩා පුළුල් සමාජ සුභසිද්ධියක් හා සමාජ සාධාරණයක් කරායන බුද්ධිමතුන්ගේ අරගලයක් බවට අද පරිවර්තනය වී හමාරයි. කාර් එකක්, වෑන් එකක් ගන්නටත්, තම දරුවන්ගේ දෙනෙත් පෑදීමට අන්තර්ජාතික හෝ සාමාන්ය පාසලකට යවන්නටත් තිබුණු සොච්චම් පඩියවත් රහිතව තෙමසක් තිස්සේ මේ කරන අරගලය ආචාර්යවරුන්ගේ බඩට බොක්කට නොදැනෙනවා කියල හිතන "අයියලා" පිරිසකුත් මේ රටේ ඇති.

    ආසියාකරයේ පමණක් නොව ලෝක ශ්‍රේණිගතකිරීම් වල පවා ඉහළ සාක්ෂරතාවක් ඇති බව උදම් අනන ශ්‍රීලංකාව වැනි රටක අධ්යපනය හෑල්ලුවට ලක්කරන්නේත්, එය වනසන්නේත් "අයියා"ට නොපෙනෙන පාලකය (බලයෙන් සන්නද්ධ ගැහැණුන් මිනිසුන්) නොවේද? z-score, පහේ ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා හමුවේ වගකීම් රහිතව ක්‍රියාකරන්නේත් මොවුන් නොවේද? අද පාලකයත් එක්ක හැප්පෙන ඕනෑම කෙනෙකුට අත්වන ඉරණම කුමක්ද යන්න කිව යුතුද?

    සංයමයක් ඇතිව සමාජ ප්රගමණයට දායකවන මෙවන් සංවාදයක නියැලීමට පෙර, සුහදව ආචාරශීලීව අනෙකා අමතන්නට පුළුවන් මිනිසුන් පිරිසක් බිහිකිරීමේ කාලීන අවශ්‍යතාවක් ඇතැයි "ගොඩේ අයියා" ගේ වදන් පෙළෙන් මොනවට පැහැදිලි වේ. අවසාන වශයෙන් වඩා නිවැරදි පරිවර්ථන තමන්ට කළ හැකි නම් "අයියා" ගේ කාලයත් ශ්‍රමයත් මිඩංගු කර අපට ලබාදෙන ලෙසත්, මෙවන් වැදගත් වෙබ් අඩවියක ප්‍රධාන පරමාර්ථය කෙලසමින්, මුණිවත සඟවා තම ප්‍රතිවාදීන්ට මඩ හෝ පහර නොගසන ලෙසත් මම කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මෙම කමෙන්ටුව සම්පූර්ණයෙන් මෙහි පල කිරීමට නොහැකි හෙයින් එයට අදාළ Link එක මෙහි සඳහන් කරමි. එය තුලින් ගොස් කමෙන්ටුව කියවන්න.

    http://www.facebook.com/gode.baiya.7/posts/264491810320641

    ReplyDelete